එවිට මානෝවා: ඔබගේ වචන ලෙස සිදුවේවා. දරුවා කෙබඳු කෙනෙක් වන්නේද? ඔහුට ක්‍රියාකළ යුතු කෙසේදැයි කියා ඇසුවේය.
මක්නිසාද ස්වාමීන්වහන්සේ ආබ්‍රහම් ගැන කී දේ ඔහු කෙරෙහි පමුණුවන ලෙස, ධර්මිෂ්ඨකමද යුක්තියද කරමින් ස්වාමීන්වහන්සේගේ මාර්ගය රක්ෂා කරන්ට ඔහු තමාට පසු තමාගේ දරුවන්ටද තමාගේ ගෙයි වැසියන්ටද අණකරන පිණිස ඔහු ඇඳිනගතිමියි කීසේක.
උදය ඔබගේ කරුණාගුණය මට ඇසෙන්ට සැලැස්සුව මැනව; මක්නිසාද ඔබ කෙරෙහි විශ්වාසය තබමි. මා විසින් යා යුතු මාර්ගය මට දැක්වුව මැනව; මක්නිසාද ඔබ දෙසට මාගේ සිත ඔසවමි.
දරුවෙකු සුදුසු මාර්ගයෙහි පුහුණුකරන්න, එවිට ඔහු වයස්ගතවූ කලත් එයින් අහක්ව නොයන්නේය.
ඔහු මට උගන්වමින් මෙසේ කීයේය: ඒ මාගේ වචන නුඹේ සිතේ තබාගන්න; මාගේ ආඥා රක්ෂාකොට ජීවත්වන්න.
පියවරුනි, නුඹලාගේ දරුවන්ට කෝප නූපදවා, ස්වාමීන්වහන්සේගේ හික්මවීමෙන්ද අවවාදයෙන්ද ඔවුන් ඇතිකරන්න.
මානෝවා නැගිට තමාගේ භාර්යාව කැටුව ගොස් ඒ මනුෂ්‍යයා ළඟට පැමිණ: මේ ස්ත්‍රීට කථාකළ මනුෂ්‍යයා ඔබදැයි ඔහුගෙන් ඇසීය. ඔහුද: මමයයි කීවේය.
ස්වාමීන්වහන්සේගේ දූතයා මානෝවාට කථාකොට: මා විසින් ස්ත්‍රීයට කී සියල්ල ඈ බලාගනීවා.