ඔහුට පුත්‍රයෝ තිස්දෙනෙක් සිටියෝය, තවද ඔහු දූවරුන් තිස්දෙනෙක් පිටට හැර පිටතින් තමාගේ පුත්‍රයන්ට දූවරුන් තිස්දෙනෙක් ගෙනායේය. ඔහු සත් අවුරුද්දක් ඉශ්‍රායෙල් විනිශ්චයකෙළේය.
බලව, දරුවෝ ස්වාමීන්වහන්සේ දෙන උරුමයක්ය. කුසේ ඵලයද උන්වහන්සේගෙන් ලැබෙන විපාකයක්ය.
භාර්යාවන් පාවාගෙන පුත්‍රයන්ද දූවරුන්ද උපදවන්න; නුඹලාගේ පුත්‍රයන්ටත් භාර්යාවන් ගන්න, නුඹලාගේ දූවරුන් විසින් පුත්‍රයන්ද දූවරුන්ද බිහිකරන පිණිස ඔවුන් පුරුෂයන්ට පාවාදෙන්න; මෙසේ නුඹලා එහි අඩු නොවී වැඩිවෙන්න.
පුත්‍රයෝ තිස්දෙනෙක් ඔහුට සිටියෝය, නැගීයාම පිණිස කොටළුවෝ තිස්දෙනෙක් ඔවුන්ට වූවෝය, නුවරවල් තිහක්ද ඔවුන්ට ගිලියද් දේශයෙහි තිබුණේය, ඒවාට හවෝත්-යායිර්යයි අද දවස දක්වා කියනු ලැබේ.
ඉබ්ශාන් මැරී බෙත්-ලෙහෙම්හි තැන්පත්කරන ලද්දේය.
පුත්‍රයෝ සතළිස් දෙනෙක්ද මුණුබුරෝ තිස්දෙනෙක්ද ඔහුට සිටියෝය, ඔව්හු කොටළුවන් සැත්තෑදෙනෙක් පිට නැගි ගියාහුය. ඔහු අට අවුරුද්දක් ඉශ්‍රායෙල් විනිශ්චය කෙළේය.
ඔහුට පසුව බෙත්-ලෙමේහි ඉබ්ශාන් ඉශ්‍රායෙල් විනිශ්චයකෙළේය.