එවිට ගිලියද් වැඩිමහල්ලෝ: අප දැන් නැවත නුඹ ළඟට ආවේ නුඹ අප සමඟ ගොස් අම්මොන් පුත්‍රයන්ට විරුද්ධව යුද්ධකර ගිලියද් වැසියන්වූ අප සියල්ලන්ට ප්‍රධානියා වෙන පිණිසයයි යෙප්තාට කීවෝය.
රජතෙමේ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට කථාකොට: මාගේ අත සුවවෙන පිණිස නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට කන්නලව්කර මා උදෙසා යාච්ඤාකරන්නැයි කීවේය. දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ස්වාමීන්වහන්සේට කන්නලව් කෙළේය. එවිට රජුගේ අත සුවවී පෙර තිබුණාක් මෙන් විය.
එබැවින් මේ වර පමණක් මාගේ පාපයට කමාවී මේ මරණය පමණක් මාගෙන් පහකරන්ට නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට කන්නලව් කරන්නැයි කීවේය.
එවිට ඵාරාවෝ: නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට වනාන්තරයේදී පූජා ඔප්පුකරන පිණිස නුඹලා යන්ට හරින්නෙමි; එහෙත් බොහෝ දුර නොයන්න. මා උදෙසා කන්නලව්කරන්නැයි කීවේය.
එවිට ඵාරාවෝ මෝසෙස් සහ ආරොන් කැඳවා: මා වෙතින්ද මාගේ සෙනඟ වෙතින්ද මැඩියන් පහකරන පිණිස ස්වාමීන්වහන්සේට කන්නලව්කරන්න; එවිට ස්වාමීන්වහන්සේට පූජා ඔප්පුකරන පිණිස සෙනඟ යන්ට හරින්නෙමියි කීය.
ස්වාමීන්වහන්සේට කන්නලව් කරන්න; මක්නිසාද මේ මහත් අකුණු ගර්ජනා සහ ගල් වර්ෂාව ඉතින් ඇත; මම නුඹලා තවත් නවත්වා නොගෙන යන්ට හරින්නෙමියි ඔවුන්ට කීය.
එවිට සෙනඟ එනම් ගිලියද්හි අධිපතියෝ එකිනෙකාට කථාකොට: අම්මොන් පුත්‍රයන්ට විරුද්ධව සටන්කරන්ට පටන්ගන්න මනුෂ්‍යයා කවරෙක්ද? ඔහු ගිලියද්හි සියලු වැසියන් කෙරෙහි ප්‍රධානියා වන්නේයයි කීවෝය.
යෙප්තා ගිලියද් වැඩිමහල්ලන්ට කථාකොට: අම්මොන් පුත්‍රයන්ට විරුද්ධව යුද්ධකරන පිණිස නුඹලා මා නැවත කැඳවාගන ගියාම ස්වාමීන්වහන්සේ ඔවුන් මට පාවාදුන්නොත් මම නුඹලාගේ ප්‍රධානියා වන්නෙම්දැයි කීවේය.