Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



විනිශ්චයකාරයෝ 11:34

Sinhala Revised Old Version

යෙප්තා මිශ්පාහි තමාගේ ගෙදරට එන කොට ඔහුගේ දුව රබන්ද නැටුම්ද ඇතුව ඔහුගේ පෙරමගට ආවාය. ඈ වනාහි ඔහුගේ එකම දරුවාය. ඈ හැර ඔහුට පුතෙක්වත් දුවෙක්වත් නොවීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

18 හුවමාරු යොමු  

දාවිත් හණ ඒඵොද් සැට්ටයක් හැඳගන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි මුළු ශක්තියෙන් නැටුවේය.

රබානෙන් හා නැටීමෙන් උන්වහන්සේට ප්‍රශංසාකරව්. වීණා තතින් හා නළාවෙන් උන්වහන්සේට ප්‍රශංසාකරව්.

රබන් ගසන කන්‍යාවන් මැද ගී කියන්නෝ පෙරටුව ගියෝය, ගායනාකාරයෝ පසුව ගියෝය.

එවිට ආරොන්ගේ සහෝදරීවූ මිරියාම් ප්‍රොපේත දූ තොමෝ රබානක් අතින් ගත්තීය; සියලු ස්ත්‍රීහු රබන්ද නැටුම්ද ඇතුව ඈ පස්සේ ගියෝය.

එවිට කන්‍යාවද තරුණයෝ සහ මහල්ලෝද එක්ව නටා සන්තෝෂවන්නෝය. මක්නිසාද මම ඔවුන්ගේ වැලපීම ප්‍රීතියට හරවා, ඔවුන්ගේ ශෝකයෙන් පසුව ඔවුන් ප්‍රීතිකරවන්නෙමි.

එම්බා ඉශ්‍රායෙල් කන්‍යාව, නැවත නුඹ ගොඩනගන්නෙමි, මෙසේ නුඹ ගොඩනගනු ලබන්නෙහිය. නුඹ නැවත නුඹේ රබන්වලින් සැරසී සන්තෝෂවෙන්නන් සමඟ නටමින් යන්නෙහිය.

දාවිත්ගේ වංශය කෙරෙහිද යෙරුසලමේ වැසියන් කෙරෙහිද කරුණාවේ හා කන්නලව්කිරීමේ ආත්මය වගුරුවන්නෙමි; ඔවුන් තමුන් විසින් ඇන්නාවූ තැනැත්තා වන මා දෙස බලාසිට, එකම පුත්‍රයෙකු ගැන වැලපෙන්නාක් මෙන් උන්වහන්සේ ගැන වැලපෙනවා ඇත, කුලුඳුලා ගැන ශෝකවෙන්නාක් මෙන් උන්වහන්සේ ගැන ශෝකවෙනවා ඇත.

උන්වහන්සේ නුවර දොරටුවට ළංවූ කල, බලව, මළාවූ කෙනෙක් පිටතට ගෙනයනලද්දේය. ඔහු තමාගේ මවුගේ එකම පුත්‍රයාය, ඈ වැන්දඹුවක්ය. ඒ නුවර බොහෝ සෙනඟක් ඈ සමඟ ආවෝය.

මක්නිසාද දොළොස් අවුරුද්දක් පමණ වයස් ඇති ඔහුගේ එකම දුව මරණාසන්නව සිටියාය. උන්වහන්සේ යන කල සමූහයෝ උන්වහන්සේට තෙරපෙමින් සිටියෝය.

සමූහයා අතරෙන් එක්කෙනෙක් මොරගසමින් කියනුයේ: ආචාරිනි, මාගේ පුත්‍රයා දෙස බලන මෙන් ඔබගෙන් ඉල්ලමි; මක්නිසාද ඔහු මාගේ එකම දරුවාය.

මිශ්පේද කෙපිරාද මොශාද,

එකල අම්මොන් පුත්‍රයෝ රැස්ව ගිලියද්හි කඳවුරු බැන්දෝය. ඉශ්‍රායෙල් පුත්‍රයෝද එකතුවී මිශ්පාහි කඳවුරු බැන්දෝය.

එවිට යෙප්තා ගිලියද් වැඩිමහල්ලන් සමඟ ගියේය, සෙනඟ වනාහි ඔහු තමුන්ගේ ප්‍රධානියාද අධිපතියාද කරගත්තෝය. යෙප්තා මිශ්පායේදී තමාගේ සියලු වචන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කීවේය.

එවිට දාන් පටන් බෙයෙර්-ෂෙබා දක්වාත් ගිලියද් දේශයෙත් සිටි සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන් පිටත්ව ඇවිත් සභාව එක්කෙනෙකු මෙන් මිශ්පාහි ස්වාමීන්වහන්සේ වෙතට රැස්වුණාය.

ෂිලෝහි දූවරුන් නටන්ට පිටතට ආවොත් නුඹලා මිදිවතුවලින් නික්ම ඇවිත් එකිනෙකා ෂිලෝහි දූවරුන්ගෙන් තම තමාට භාර්යාවක් අල්ලාගන බෙන්යමින් රටට යන්න.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්