ඉතින් ශිප්පොර්ගේ පුත්‍රවූ මෝවබ්හි රජවූ බාලාක්ට වඩා නුඹ කොයි ආකාරයකින්වත් උතුම්ද? ඔහු ඉශ්‍රායෙල් සමඟ කවදාවත් විවාදකෙළේද? නොහොත් ඔවුන්ට විරුද්ධව කවදාවත් යුද්ධකෙළේද?
මාගේ සෙනඟෙනි, මෝවබ්හි රජවූ බාලාක් මන්ත්‍රණයකළේ කුමක්ද කියාත් බෙයෝර්ගේ පුත්‍රවූ බාලාම් ඔහුට දුන් උත්තර මොනවාද කියාත් ෂිට්ටීම්හි සිට ගිල්ගාල් දක්වා සිද්ධවුණේ මොනවාද කියාත් ස්වාමීන්වහන්සේගේ ධර්මිෂ්ඨකම් දැනගන්න පිණිස සිහිකරන්න.