එවිට සෙනඟ එනම් ගිලියද්හි අධිපතියෝ එකිනෙකාට කථාකොට: අම්මොන් පුත්‍රයන්ට විරුද්ධව සටන්කරන්ට පටන්ගන්න මනුෂ්‍යයා කවරෙක්ද? ඔහු ගිලියද්හි සියලු වැසියන් කෙරෙහි ප්‍රධානියා වන්නේයයි කීවෝය.
ඔව්හු ඒකේ උත්තමයන් රාජ්‍යයට කැඳවන්නෝය, නුමුත් එහි කිසිවෙක් නොවන්නේය, ඒකේ සියලුම අධිපතියෝද නැතිවන්නෝය.
යෝෂුවාගේ මරණයෙන් පසු ඉශ්‍රායෙල් පුත්‍රයෝ: අපගේ කවුරු කානානිවරුන්ට විරුද්ධව යුද්ධකරන්ට පළමුකොට යා යුතුදැයි ස්වාමීන්වහන්සේගෙන් ඇසුවෝය.
එකල අම්මොන් පුත්‍රයෝ රැස්ව ගිලියද්හි කඳවුරු බැන්දෝය. ඉශ්‍රායෙල් පුත්‍රයෝද එකතුවී මිශ්පාහි කඳවුරු බැන්දෝය.
ගිලියදීය යෙප්තා බලසම්පන්න වික්‍රමාන්විත මනුෂ්‍යයෙක්ව සිටියේය, ඔහු වේශ්‍යා ස්ත්‍රියෙකුගේ පුත්‍රයෙක. ගිලියද් තෙමේ යෙප්තා ඉපදවිය.
එවිට යෙප්තා ගිලියද් වැඩිමහල්ලන් සමඟ ගියේය, සෙනඟ වනාහි ඔහු තමුන්ගේ ප්‍රධානියාද අධිපතියාද කරගත්තෝය. යෙප්තා මිශ්පායේදී තමාගේ සියලු වචන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කීවේය.
කලකට පසු අම්මොන් පුත්‍රයෝ ඉශ්‍රායෙල්ට විරුද්ධව යුද්ධකළෝය.
යෙප්තා සාවුරුද්දක් ඉශ්‍රායෙල් විනිශ්චය කෙළේය. ගිලියදීය යෙප්තා නැසී ගිලියද්හි නුවරක තැන්පත්කරන ලද්දේය.
ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ කථාකොට: ඉස්සරහට එන්නාවූ අර මනුෂ්‍යයා නුඹලා දැක්කහුද? ඉශ්‍රායෙල්වරුන්ට මිගකියන්ටම ඔහු ඇවිත් සිටියි. රජ්ජුරුවෝ ඔහු මරන මනුෂ්‍යයා බොහෝ වස්තුවෙන් පොහොසත්කොට, තමාගේ දුව ඔහුට සරණ පාවාදී, ඉශ්‍රායෙල්හි ඔහුගේ පියාගේ පවුලට නිදහසද දෙන්නාහයි කීවෝය.