ශීදොන්වරුන් සහ අමලෙක්වරුද මායොන්වරුද නුඹලාට පීඩා කළෝය; නුඹලා මට මොරගැසූකල ඔවුන්ගේ අතිනුත් නුඹලා ගැළෙවුවෙමි.
තවද ඔව්හු හැරී ඇවිත් ඒන්-මිෂ්පාත්ට (එනම් කාදෙෂ්ට) පැමිණ අමලෙක්වරුන්ගේ මුළු රටටත් හශශොන්-තාමාර්හි විසූ අමෝරිවරුන්ටත් පහරදුන්නෝය.
නම් වශයෙන් ලියනලද මොව්හු යූදාහි රජවූ හෙසකියාගේ කාලයේදී ඇවිත් එහි සම්බවුණු මෙයූනිවරුන්ටත් ඔවුන්ගේ කූඩාරම්වලටත් පහරදී, අද දක්වා තිබෙන හැටියට ඔවුන් මුළුමනින්ම නැතිකරදමා ඔවුන් වෙනුවට එහි වාසය කළෝය. මක්නිසාද ඔවුන්ගේ එළු බැටළු රැළවලට එහි තණබිම් තිබුණේය.
ඔහු අම්මොන් සහ අමලෙක් පුත්‍රයන් රැස්කරවාගන ගොස් ඉශ්‍රායෙල්ට පහර දුන්නේය, ඔව්හු ඉඳිගස් නුවරද හිමිකරගත්තෝය.
ඉශ්‍රායෙල්වරුන් වැපුරුවාට පසු මිදියන්වරුද අමෙලෙක්වරුද පූර්ව දිශාවේ වැසියෝද ඔවුන්ට විරුද්ධව ඇවිත්,