ඉන්පසු යූදා පුත්‍රයෝ කඳු රටේද දකුණු දිශාවේද පාත රටේද විසූ කානානිවරුන්ට විරුද්ධව යුද්ධකරන්ට බැස ගියෝය.
ආබ්‍රම් ගමන්කරනුයේ, දකුණු දෙසටම ගියේය.
එග්ලොන්හි සිට යෝෂුවා සියලු ඉශ්‍රායෙල්වරුන් සමඟ හෙබ්‍රොන්ට ගොස් ඊට විරුද්ධව යුද්ධකොට එය අල්ලාගෙන,
ඒ කාලයෙහි යෝෂුවා අවුත් කඳු රටින්ද හෙබ්‍රොන් කෙරෙන්ද දෙබීර් කෙරෙන්ද අනාබ් කෙරෙන්ද මුළු යූදා කඳු රටෙන්ද මුළු ඉශ්‍රායෙල් කඳු රටෙන්ද අනාක්වරුන් නැතිකර දැමුවේය. යෝෂුවා ඔවුන්ගේ නුවරවල් සමඟ ඔවුන් මුළුමනින්ම විනාශකර දැමුවේය.
එනම් කඳු රටෙහිද පාත රටෙහිද අරබා සමභූමියෙහිද කඳු බෑවුම් ළඟද කාන්තාරයෙහිද දකුණු දිශාවෙහිද සිටිය හිත්තීවරුත් අමෝරිවරුත් කානානිවරුත් පෙරිස්සිවරුත් හිවීවරුත් යෙබූසිවරුත්ය.
එසේ යූදා ඉහතදී කිරියත්-අර්බා යන නම ඇති හෙබ්‍රොන්හි වාසයකළ කානානිවරුන්ට විරුද්ධව ගොස්, ෂේෂයිටද අහිමාන්ටද තල්මයිටද පහර දුන්නේය.
යූදා පුත්‍රයෝ යෙරුසලමට විරුද්ධව යුද්ධකොට, ඒක අල්ලාගෙන, ඊට කඩුමුවහතින් පහරදී, නුවර ගිනිලෑවෝය.