Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



විනිශ්චයකාරයෝ 1:34

Sinhala Revised Old Version

අමෝරිවරු දාන් පුත්‍රයන්ට මිටියාවතට බසින්ට නොදී කඳු රටට ඔවුන් නෙරපා හැරියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

4 හුවමාරු යොමු  

දාන් පුත්‍රයන්ගේ පළාත ඔවුන්ට මදිව තිබුණ නිසා ඔව්හු ගොස් ලෙෂෙම්ට විරුද්ධව යුද්ධකොට එය අල්වාගෙන ඊට කඩු මුවහතින් පහරදී එය හිමිකරගෙන, එහි වාසය කොට, ඔවුන්ගේ පියවූ දාන්ගේ නම ප්‍රකාර ලෙෂෙම්ට දාන් යන නම තැබුවෝය.

නප්තලී බෙත්-ෂෙමෙෂ්හි වැසියන්වත් බෙත්-අනාත්හි වැසියන්වත් පන්නා නොදමා රටේ වැසියන්වූ කානානිවරුන් අතරේ වාසය කෙළේය. එසේ වුවත් බෙත්-ෂෙමෙෂ්හිද බෙත්-අනාත්හිද වැසියෝ බර වැඩ පිණිස ඔවුන්ට යටත්වුණෝය.

අමෝරිවරු හෙරෙස් කන්දේද අයාලොන්හිද ෂාල්බීම්හිද වාසයකරන්ටම කැමතිව සිටියෝය. එසේ වුවත් යෝසෙප්ගේ වංශයේ අත බලවත්ව තිබුණු බැවින් ඔව්හු බර වැඩට යටත් වුණෝය.

ඒ දවස්වල ඉශ්‍රායෙල්හි රජෙක් නොසිටියේය. තවද ඒ දවස්වලදී දාන් ගෝත්‍රය තමුන්ට වාසය කිරීම පිණිස උරුමයක් සෙවීය; මක්නිසාද ඒ දවස දක්වා ඉශ්‍රායෙල් ගෝත්‍ර අතරේ ඔවුන්ට උරුමයක් ලැබී තිබුණේ නැත.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්