ආෂෙර්ද අක්කෝහි වැසියන්වත්, ශිදොන්හිත් අහ්ලාබ්හිත් අක්ශීබ්හිත් හෙල්බාහිත් අපික්හිත් රෙහොබ්හිත් වැසියන්වත් පන්නා නොදැමුවේය.
එතනින් ඔව්හු ගිලියද්ටත් තාතීම්-හොද්ෂි රටටත් පැමුණුණෝය; එතනින් දාන්-යාන්ටත් ශීදොන් වටකර ස්ථානවලටත් පැමිණියාහ.
තවද ඔහු නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ගේ පාපවල හැසුරුණා මදිවාක් මෙන් ශීදොන්වරුන්ගේ රජවූ එත්බාල්ගේ දූවූ යෙසෙබෙල් භාර්යාකොට පාවාගත්තේය, ඔහු ගොස් බාල්ට සේවය කරමින් නමස්කාරකෙළේය.
සාබුලොන් කිත්‍රොන් වැසියන්ද නහලොල් වැසියන්ද පන්නා නොදැමුවේය; කානානිවරු ඔවුන් අතරේ වාසයකරමින් බර වැඩට යටත් වූහ.
ආෂෙර්වරු ඒ දේශ වාසීවූ කානානිවරුන් අතරේ වාසය කළෝය; මක්නිසාද ඔව්හු ඔවුන් පන්නා නොදැමුවෝය.