යූදා තම සහෝදරවූ සිමියොන්ට කථාකොට: අප කානානිවරුන්ට විරුද්ධව යුද්ධකරන පිණිස මාගේ උරුම කොටසට මා සමඟ නැගී එන්න; මමත් නුඹේ උරුම කොටසට නුඹ සමඟ එන්නෙමියි කීවේය. මෙසේ සිමියොන් ඔහු සමඟ ගියේය.
නැවත ඈ ගර්භිණීව පුත්‍රයෙකු බිහිකර: මා අප්‍රියකරනු ලැබූ බව ස්වාමීන්වහන්සේ ඇසූ බැවින් මේ පුත්‍රයාත් මට දුන්සේකැයි කියා ඔහුට සිමියොන් යන නාමය තැබුවාය.
සිරියවරුන් මට වඩා බලවත්වුණොත් නුඹ මට උපකාරකරන්න. අම්මොන් පුත්‍රයන් නුඹට වඩා බලවත්වුණොත් මම ඇවිත් නුඹට උපකාරකරන්නෙමි.
දෙවෙනි කොටස සිමියොන්ට එනම් සිමියොන් පුත්‍රයන්ගේ ගෝත්‍රයට ඔවුන්ගේ පවුල්වල හැටියට වැටුණේය. ඔවුන්ගේ උරුමය යූදා පුත්‍රයන්ගේ උරුමය ඇතුළත තිබුණේය.
සිමියොන්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක්ද, ලෙවීගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක්ද, ඉස්සාකර්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක්ද,
යූදාද තමන් සහෝදරයාවූ සිමියොන් සමඟ ගියේය, ඔව්හු ශෙපත්හි විසූ කානානිවරුන්ට පහරදී එය සහමුලින්ම විනාශකරදැමූවෝය. ඒ නුවරට හොර්මා යන නම තැබූහ.
ස්වාමීන්වහන්සේද: යූදා යා යුතුය. මම ඔහු අතට දේශය දුනිමියි කීසේක.
යූදා එසේ නැගී ගිය කල ස්වාමීන්වහන්සේ කානානිවරුන්ද පෙරිස්සිවරුන්ද ඔවුන්ගේ අතට පාවාදුන්සේක. ඔව්හු බෙශෙක්හිදී මනුෂ්‍යයන් දසදහසකට පහර දුන්නෝය.