මෝසෙස් අණකළ ලෙස ආරොන් තේව පූජාවක් පිණිස ළැපැත්ත හා දකුණු කළවයද රැගෙන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තේව කෙළේය.
ඒ සියල්ල ආරොන්ගේ අත්වලද ඔහුගේ පුත්‍රයන්ගේ අත්වලද තබා ඒවා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තේව පූජාවක් වශයෙන් වනා තේවකරන්න.
ඉශ්‍රායෙල්, නුඹ මාගේ මෙහෙකරුවාය; නුඹ කරණකොටගෙන ගෞරව ලබාගන්නෙමියි මට කීසේක.
ඉබේ මළාවූ සතාගේ තෙලද මෘගයන් විසින් ඉරාදැමූ සතාගේ තෙලද අන්කිසියම් වැඩකට ගත හැකිය. නුමුත් නුඹලා කිසිසේත් ඒවායින් නොකෑයුතුය.
පක්ෂියෙකුගේ වේවා මෘගයෙකුගේ වේවා කිසි ලෙයක් නුඹලාගේ කොයි වාසස්ථානයකදීවත් නොකෑයුතුය.
ඔහු තෙල පූජාසනය පිට දැවුවේය.
එකෙණෙහිම ඒ දේවදූතයා සමඟ මහත් ස්වර්ගීය සේනා සමූහයක් දෙවියන්වහන්සේට ප්‍රශංසාකරමින්:
යමෙක් කථාකෙරේ නම්, දෙවියන්වහන්සේගේ වාක්‍ය වශයෙන් කථාකරාවා; යමෙක් සේවයකෙරේ නම්, දෙවියන්වහන්සේ සපයාදෙන ශක්තියේ ප්‍රකාර සේවයකරාවා. දෙවියන්වහන්සේට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන සියලු කාරණාවලදී ගෞරව පැමිණෙන පිණිස එසේකරන්ට ඕනෑය. මහිමයත් පරාක්‍රමයත් සදාකාලේටම උන්වහන්සේගේය. ආමෙන්.