Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



ලෙවී කථාව 9:1

Sinhala Revised Old Version

තවද අටවෙනි දින මෝසෙස් ආරොන් සහ ඔහුගේ පුත්‍රයන්ද ඉශ්‍රායෙල් වැඩිමහල්ලන්ද කැඳවා ආරොන්ට කථාකොට:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

9 හුවමාරු යොමු  

අටවෙනි දවසේදී ඔහු කැලලක් නැති බැටළු වස්සන් දෙදෙනෙක්ද කැලලක් නැති අවුරුද්දක බැටළු වැස්සියෙක්ද තෙල් මිශ්‍රවූ සිහින් පිටි ඒඵාවකින් දසයෙන් තුන් කොටසක්ද තෙල් හුණ්ඩුවක්ද ගෙනේවා.

ඔහු තමාගේ පවිත්‍රවීම පිණිස අටවෙනි දවසේදී ස්වාමීන්වහන්සේ ඉදිරියට සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට ඒවා පූජකයා වෙතට ගෙනේවා.

අටවෙනි දවසෙහි ඔහු කොබෙයියන් දෙන්නෙකු හෝ පරෙවිපැටවුන් දෙන්නෙකු හෝ රැගෙන ස්වාමීන්වහන්සේ ඉදිරියට සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට අවුත් උන් පූජකයාට දේවා.

අටවෙනි දවසෙහි කොබෙයියන් දෙන්නෙක් හෝ පරෙවි පැටවුන් දෙන්නෙක් හෝ රැගෙන සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට පූජකයා වෙතට උන් ගෙනා යුතුය.

නුඹලා සත් දවසක් සම්පූර්ණවන තෙක් එනම් නුඹලාගේ කැපකිරීමේ දවස් සම්පූර්ණවන තෙක් සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩින් පිටතට නොයන්න. මක්නිසාද සත් දවසක් නුඹලා කැපකරනු ලබන්නහුය.

මෙසේ ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝ ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා අණකළ සියල්ල කළෝය.

අටවෙනි දවසෙහි ඔහු කොබෙයියන් දෙන්නෙක් හෝ පරෙවි පැටවුන් දෙන්නෙක් හෝ සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩට පූජකයා වෙතට ගෙනේවා.

සබත් දවස නිමවන්ට ළංව සතියේ පළමුවෙනි දවසට එළිවෙන වේලෙහි, මග්දලායේ මරියාද අනික් මරියාද සොහොන්ගෙය බලන්ට ගියෝය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්