තවද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඔහු ආරොන්ගේ පුත්‍රයන් ගෙන්වා, ඔවුන්ට දික් යට ඇඳුම් හඳවා, ඉණපිටි ඔවුන්ගේ ඉඟටිවල බැඳ, ඔවුන්ගේ හිස්වල ඔටුනු බැන්දේය.
ඔබගේ පූජකයෝ ධර්මිෂ්ඨකමින් සැරසෙත්වා; ඔබගේ ශුද්ධවන්තයෝ ප්‍රීතිශබ්ද කෙරෙත්වා.
ආරොන්ට ශුද්ධ වස්ත්‍ර හඳවා පූජක තනතුරෙහි මට මෙහෙකරන පිණිස ඔහු ආලේපකොට ශුද්ධකරන්න.
මෝසෙස් මෙසේ කෙළේය. ඔහු ස්වාමීන්වහන්සේ තමාට අණකළ සියල්ල ලෙස කෙළේය.
මම ස්වාමීන්වහන්සේ තුළ බොහෝසේ ප්‍රීතිවන්නෙමි, මාගේ ආත්මය මාගේ දෙවියන්වහන්සේ තුළ සන්තෝෂවන්නේය; මක්නිසාද මනමාලයා පූජක මකුටයක් දමාගන්නාක්මෙන්ද මනමාලි ඇගේ ආභරණ පැළඳගන්නාක් මෙන්ද උන්වහන්සේ ගැළවීම නැමති වස්ත්‍ර මට පැළදෙවුසේක, ධර්මිෂ්ඨකම නැමති සළුවද මට පෙරෙවුසේක.
නුඹලා වනාහි ස්වාමීන්වහන්සේගේ පූජකයෝයයි කියනු ලබන්නෝය. මනුෂ්‍යයන් නුඹලාට: අපේ දෙවියන්වහන්සේගේ සේවකයෝයයි කියනවා ඇත. නුඹලා ජාතීන්ගේ සම්පත් භුක්තිවිඳ, ඔවුන්ගේ තේජස හිමිකරගන්නවා ඇත.
පූජකයන් එහි ඇතුල්වුණාම ඔව්හු ශුද්ධස්ථානයෙන් පිට-මළුවට නොයන්නෝය, සේවය කිරීමට ඔවුන් අඳින වස්ත්‍රද එහි තබන්නෝය; මක්නිසාද ඒවා ශුද්ධය. ඔව්හු වෙන වස්ත්‍ර හැඳගෙන සෙනඟගේ කාරණාවලට පැමිණෙන්නෝයයි කීවේය.
ඔව්හු මෝසෙස් කී හැටියට ළඟාවී ඒ අය ඔවුන්ගේ දික් යට ඇඳුම් පිටින් කඳවුරෙන් පිටතට උස්සාගෙන ගියෝය.
ඔහු අතුණුද කකුල්ද වතුරෙන් සේදුවේය; මෝසෙස් මුළු බැටළුවා පූජාසනය පිට දැවීය. ඒක ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස මිහිරි සුවඳක් පිණිස දවන පූජාවක්ද ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජාවක්ද වූයේය.
නුඹලාත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේට ප්‍රසන්නවූ ආත්මික පූජා ඔප්පුකරන පිණිස ශුද්ධ පූජක සමූහයක් වීමට ආත්මික ගෘහයක් කොට ජීවමාන ගල් මෙන් ගොඩනගනු ලබන්නහුය,
නුමුත් අන්ධකාරයෙන් තමන්ගේ විස්මපත් ආලෝකයට නුඹලා කැඳවාගත් තැනන්වහන්සේගේ උත්කෘෂ්ටතාවන් දක්වන පිණිස නුඹලා වනාහි තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුද්ධවූ ජාතියක්ද දෙවියන්වහන්සේ සන්තක සෙනඟක්ද වන්නහුය.
අපව රාජ්‍යයක්ද තමන් පියවූ දෙවියන්වහන්සේගේ පූජකයන්ද කළාවූ තැනන්වහන්සේට ගෞරවයද පරාක්‍රමයද සදාකාලේටම වේවා. ආමෙන්.
ඔවුන් අපගේ දෙවියන්වහන්සේට රාජ්‍යයක්ද පූජකයන්ද කළසේක; ඔව්හු පොළොවෙහි රජකම්කරතියි කීවෝය.