පාප පූජාව යම්සේද අපරාධ පූජාවත් එසේමය. ඒවාට එක පනතක් ඇත්තේය. එයින් සමගිකම් කරන පූජකයා ඒවා ලැබිය යුතුය.
අපරාධ පූජා සහ පාප පූජා උදෙසා දුන් මිල ස්වාමීන්වහන්සේගේ ගෘහයට නොගෙනෙනලද්දේය. ඒ මිල පූජකයන්ගේ විය.
එකල සිරියේ රජවූ හසායෙල් ඇවිත් ගාද්ට විරුද්ධව යුද්ධකොට ඒක අල්ලාගෙන, යෙරුසලමටත් විරුද්ධව එන්ට තමාගේ මුහුණ යොමු කෙළේය.
ශුද්ධ ස්ථානයෙහි පාප පූජාවේද දවන පූජාවේද සතුන් මරන ස්ථානයෙහි ඔහු බැටළු පැටවා මැරිය යුතුය. මක්නිසාද පාප පූජාව පූජකයාට අයිතිවාක් මෙන් අපරාධ පූජාවත් අයිතිය. ඒක අතිශුද්ධය.
ආහාර පූජාවෙන් ඉතිරි කොටස ආරොන්ටත් ඔහුගේ පුත්‍රයන්ටත් වන්නේය. එය ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජාවලින් අති ශුද්ධ එකක්ය.
ඒක මුහුන් දමා බදිනු නොලැබිය යුතුය. ගින්නෙන් කළ මාගේ පූජාවලින් ඔවුන්ගේ කොටස මෙන් ඒක දුනිමි; පාප පූජාව මෙන්ද අපරාධ පූජාව මෙන්ද ඒක අති ශුද්ධය.
යම් පූජකයෙක් යම් කෙනෙකුගේ දවන පූජාව ඔප්පුකරන්නේද ඒ පූජකයා ඔහු පිදූ දවන පූජා සතාගේ හම ලැබිය යුතුය.
නුමුත් වන්දියේ ගණන ලබන්ට ඒ මනුෂ්‍යයාට නෑයෙක් නැත්නම් වරද ගැන තමා උදෙසා සමඟිකමක් කිරීමට වරදකාරයා දෙන බැටළුවා හැර ස්වාමීන්වහන්සේට දෙන වන්දියේ ගණනත් පූජකයාට වන්නේය.
මාංස ප්‍රකාරවූ ඉශ්‍රායෙල් බලන්න. පූජාවන් කන අය පූජාසනය සමඟ සහභාගිවන්නෝ නොවෙද්ද?
ශුද්ධ දේ සම්බන්ධයෙන් මෙහෙකරන්නන් දේවමාළිගාව සන්තක දෙයින් කන බවද පූජාසනයේ සේවයකරන්නන් පූජාසනයට පංගුකාරයන් වන බවද නුඹලා දන්නේ නැද්ද?