ස්වාමීන්වහන්සේ සීනයි කන්දේදී මෝසෙස්ට අණකළාවූ දවන පූජාවේද ආහාර පූජාවේද පාප පූජාවේද අපරාධ පූජාවේද කැප කිරීමේදී ශාන්ති පූජා යාගයේද නියමය ඒකය.
ස්වාමීන්වහන්සේ තමන්වහන්සේද ඉශ්‍රායෙල් පුත්‍රයන්ද අතරේ සීනයි කන්දේදී මෝසෙස් ලවා පිහිටුවනලද පනත්ද විනිශ්චයයන්ද ව්‍යවස්ථාද මේවාය.
ඉශ්‍රායෙල් පුත්‍රයන් සඳහා ස්වාමීන්වහන්සේ සීනයි කන්දේදී මෝසෙස්ට දුන් ආඥා මේවාය.
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට:
බලව, නුඹලා හිමිකරගන්ට ඇතුල්වන දේශයේදී නුඹලා විසින් පවත්වන පිණිස මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මට අණකළ ලෙසම පනත්ද විනිශ්චයන්ද නුඹලාට ඉගැන්වීමි.