ඔහු උගේ තෙල සියල්ල පුදන්නේය; තර වල්ගේද අතුණු වැසී තිබෙන තෙලද,
දෙවියන්වහන්සේට කළ යුතු පූජා නම් බිඳුණාවූ සිතක්ය. දෙවියන්වහන්ස, බිඳුණාවූ තැළුණාවූ සිතක් ඔබ සුළුකොට නොසිතනසේක.
බැලුව මැනව, අධ්‍යාත්මයෙහි සත්‍යතාවට ඔබ කැමැතිවනසේක. අප්‍රකාශවූ හෘදයෙහි ඔබ මට ඥානය දැනගන්ට සලස්වනසේක.
එයින් අමුවෙන්වත් කිසිසේත් වතුරෙන් තම්බාවත් නොකා උගේ හිසද කකුල්ද අභ්‍යන්තර කොට්ඨාස සමඟ ගින්නෙන් පුළුස්සා කන්න.
අතුණු වසා තිබෙන තෙල් සියල්ලද අක්මාව පිට තිබෙන දැලද වකුගඩු දෙකද එහි තිබෙන තෙල්ද රැගෙන පූජාසනය පිට දවන්න.
ආරොන්ගේ පුත්‍රයන් අතරෙන් ශාන්ති පූජාවල ලේද තෙලද ඔප්පු කරන්නාට ඔහුගේ කොටස වශයෙන් දකුණු කළවය දෙනු ලැබේවා.