කුමක්හෙයින්ද මනුෂ්‍යයන් විසින් ස්වාමීන්වහන්සේට ගින්නෙන් පූජා කිරීමට ඔප්පුකරන්නාවූ මෘගයෙකුගේ තෙල කන කවරෙක් නුමුත් තමාගේ සෙනඟ කෙරෙන් සිඳදමනු ලබන්නේය.
තමාගේ චර්මාග්‍ර මාංසය ඡේද්‍යය නොකරනලද අචර්මඡේදිත පිරිමියෙක් ඇද්ද ඒ තැනැත්තා තමාගේ සෙනඟ කෙරෙන් සිඳදමනු ලබන්නේය; ඔහු මාගේ ගිවිසුම කඩකෙළේයයි කීසේක.
නුඹ ඒවා ඔවුන් අතින් ගෙන පූජාසනය පිට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි මිහිරි සුවඳක් පිණිස දවන පූජාව පිට දවන්න. ඒක ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජාවක්ය.
නුඹලා විසින් තෙලවත් ලේවත් නොකෑ යුතුය යනු නුඹලාගේ පරම්පරාවල නුඹලාගේ සියලු වාසස්ථානවල නිරන්තර පනතක් වන්නේය.
එහෙත් අපවිත්‍රකමක් ඇතුව ස්වාමීන්වහන්සේට අයිති ශාන්ති පූජාවේ මාංසය කන තැනැත්තේ තමාගේ සෙනඟ කෙරෙන් සිඳිනු ලබන්නේය.
මනුෂ්‍යයෙකුගේ අපවිත්‍රකමක් වේවා අපවිත්‍ර මෘගයෙක් වේවා අපවිත්‍ර පිළිකුල්කමක් වේවා කිසියම් අපවිත්‍රකමක ස්පර්ශවී ස්වාමීන්වහන්සේට අයිති ශාන්ති පූජාවල මාංසය කන තැනැත්තේ තමාගේ සෙනඟ අතරෙන් සිඳදමනු ලබන්නේයයි කීසේක.
ඉබේ මළාවූ සතාගේ තෙලද මෘගයන් විසින් ඉරාදැමූ සතාගේ තෙලද අන්කිසියම් වැඩකට ගත හැකිය. නුමුත් නුඹලා කිසිසේත් ඒවායින් නොකෑයුතුය.
පක්ෂියෙකුගේ වේවා මෘගයෙකුගේ වේවා කිසි ලෙයක් නුඹලාගේ කොයි වාසස්ථානයකදීවත් නොකෑයුතුය.
ලේ කන්නා වූ කවරෙක් නුමුත් තමාගේ සෙනඟ කෙරෙන් සිඳදමනු ලබන්නේයයි කීසේක.