Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



ලෙවී කථාව 7:14

Sinhala Revised Old Version

එක එක පූජාවෙන් එකක් බැගින් ස්වාමීන්වහන්සේට එසවීමේ පූජාවක් පිණිස ඔහු එයින් ඔප්පු කෙරේවා; එය ශාන්ති පූජාවල ලේ ඉසින පූජකයාට හිමි වන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

10 හුවමාරු යොමු  

පාප පූජාවක් කොට එය ඔප්පුකරන පූජකයා එය කන්ට ඕනෑය. සම්මුඛවීමේ කූඩාරමේ මළුවෙහිදී, ශුද්ධවූ තැනක එය කනු ලැබේවා.

ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් ස්වාමීන්වහන්සේට පූජාකරන ශුද්ධ දේවලින් සියලු එසවීමේ පූජා නුඹටත් නුඹ සමඟ නුඹේ පුත්‍රයන්ටත් නුඹේ දූවරුන්ටත් සදාකාලේට නියම කොටසක් කොට මා විසින් දී තිබේ. ඒක නුඹටත් නුඹ සමඟ නුඹේ වංශයටත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නිරන්තරවූ ලවණ ගිවිසුමක්යයි කීසේක.

ඔවුන්ගේ කොටසෙන් එය ගෙන ස්වාමීන්වහන්සේට එසවීමේ පූජාවක් පිණිස පූජකවූ එලෙයාසර්ට දෙන්න.

මෝසෙස් ස්වාමීන්වහන්සේ ඔහුට අණකළ ලෙස ස්වාමීන්වහන්සේගේ එසවීමේ පූජාව පූජකවූ එලෙයාසර්ට දුන්නේය.

මාංස ප්‍රකාරවූ ඉශ්‍රායෙල් බලන්න. පූජාවන් කන අය පූජාසනය සමඟ සහභාගිවන්නෝ නොවෙද්ද?

තමාගේ පිය උරුමය විකිණීමෙන් ලැබෙන දෙය හැර කන පිණිස එකාකාර කොටස් ඔවුන් සමඟ ඔහුට ලැබිය යුතුය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්