ඔහු නුඹ විසින් නියම කරන ගණනේ හැටියට බැටළු රැළෙන් කැලල් නැති බැටළුවෙකු ස්වාමීන්වහන්සේට අපරාධ පූජාවක් පිණිස පූජකයා වෙතට ගෙනෙන්ට ඕනෑය.
ඔව්හු තමුන්ගේ භාර්යාවන් අත්හරිනවාය කියා අතදී පොරොන්දුවුණෝය; තවද තමුන්ගේ වරදකාරකම ගැන රැළෙන් බැටළුවෙකු ඔප්පුකළෝය.
අපේ බිම්වල ප්‍රථම අස්වැන්නද සියලු ආකාර ගස්වල සියලු ඵලවලින් ප්‍රථම ඵලද අවුරුද්දෙන් අවුරුද්ද ස්වාමීන්වහන්සේගේ ගෘහයට ගෙනෙන හැටියටත්,
ඉස්සරහ පැත්ත උතුරු දෙසට තිබෙන කාමරය පූජාසනයේ සේවය පවත්වන පූජකයන්ටත්ය. ඔව්හු වනාහි ස්වාමීන්වහන්සේට සේවය කරන්ට උන්වහන්සේ ළඟට පැමිණෙන ලෙවීගේ පුත්‍රයන්ගෙන්වූ ශාදොක්ගේ පුත්‍රයෝයයි මට කීවේය.
එක බැටළු වස්සෙක්ද තෙල් හුණ්ඩුවක්ද රැගෙන අපරාධ පූජාවක් පිණිස ඔප්පුකරමින් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තේව පූජාවක් කොට ඒවා තේවකෙරේවා.
යමෙක් ස්වාමීන්වහන්සේගේ ශුද්ධවූ දේවල් ගැන වරදක් කොට නොදැනුවත්ව පව්කළොත් ඔහු තමාගේ අපරාධය උදෙසා අපරාධ පූජාවක් පිණිස ශුද්ධ ස්ථානයේ ෂෙකෙලේ හැටියට නුඹ නියමකරන රිදී ෂෙකෙල් ගණනට රැළෙන් කැලල් නැති බැටළුවෙකු ස්වාමීන්වහන්සේ වෙතට ගෙනවුත්,
ඔහු නුඹ නියමකරන ගණනට අපරාධ පූජාවක් පිණිස රැළෙන් කැලල් නැති බැටළුවෙකු පූජකයා වෙතට ගෙනා යුතුය. පූජකයාද ඔහු වැරදිල්ලකින් නොදැන කළ වරද ගැන ඔහු උදෙසා සමගිකමක් කරන්නේය, ඔහුද ක්ෂමාකරනු ලබන්නේය. එය අපරාධ පූජාවක්ය.
එළු පැටවෙකු හෝ බැටළු පැටවෙකු හෝ ගෙනෙන්ට ඔහුට වත්කම නැත්නම් ඔහු තමා කළ පාපය ගැන කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවි පැටවුන් දෙදෙනෙකු හෝ ස්වාමීන්වහන්සේ වෙතට ගෙනෙන්ට ඕනෑය; එකෙක් පාප පූජාවක් පිණිසය, අනිකා දවන පූජාවක් පිණිසය.