Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



ලෙවී කථාව 6:27

Sinhala Revised Old Version

ඒකේ මාංසයෙහි ස්පර්ශවන කොයි දෙයක් නුමුත් ශුද්ධවන්නේය. ඒකේ ලේ කිසි වස්ත්‍රයක ඉසුණොත් ඒ ඉසුණු වස්ත්‍රය ශුද්ධවූ ඉඩමක සෝදන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

11 හුවමාරු යොමු  

සත් දවසක් පූජාසනය උදෙසා සමඟිකිරීමේ පූජාව ඔප්පුකොට ඒක විශුද්ධකරන්න. මෙසේ පූජාසනය අති ශුද්ධ වන්නේය; පූජාසනයට ස්පර්ශවන කොයි දෙයක් නුමුත් ශුද්ධ වන්නේය.

ඒවා අති ශුද්ධව තිබෙන පිණිස එසේ විශුද්ධකරන්න. ඒවාට තැවරෙන කොයි දෙයක් නමුත් කැපව තිබේවා.

ඔවුන් පිට-මළුවට එනම් පිට-මළුවේ සෙනඟ ළඟට යන කල, ඔවුන් සේවයකරන්ට අඳින තමුන්ගේ වස්ත්‍ර ගළවා, ඒවා ශුද්ධස්ථානයේ කාමරවල තබා, තමුන්ගේ වස්ත්‍රවලින් සෙනඟ විශුද්ධ නොකරන පිණිස වෙන වස්ත්‍ර ඇඳගනිත්වා.

උන් මළ පසු යම් බඩුවක් පිටට වැටුණොත් ලී භාජනයක් නුමුත් ඇඳුමක් නුමුත් හමක් නුමුත් මල්ලක් නුමුත් යම් වැඩකට පාවිච්චිකරන වෙනයම් භාජනයක් නුමුත් ඒක අපවිත්‍රවන්නේය, එය වතුරෙහි දැමිය යුතුය, එය සවස දක්වා අපවිත්‍රව තිබේ; ඉන්පසු එය පවිත්‍රවන්නේය.

ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජාවලින් නුඹලාගේ පරම්පරාවල නිරන්තරයෙන්ම අයිති කොටසක් මෙන් ආරොන්ගේ දරුවන් අතරේ සියලු පිරිමින්ට එයින් කන්නට පුළුවන. ඊට තැවරෙන කවරෙක් නුමුත් ශුද්ධවන්නේයයි කීසේක.

අපවිත්‍ර යම් දෙයක ස්පර්ශවන මාංසය නොකා ගින්නෙන් දැවිය යුතුය. ඉතිරි මාංසය පවිත්‍රව සිටින සියල්ලන් විසින් කන්නට පුළුවන.

යමෙක් තමාගේ වස්ත්‍ර කෙළවරින් ශුද්ධ මාංසය ගෙනයන විට ඒ වස්ත්‍ර කෙළවර රොටිවල හෝ හොදිවල හෝ මුද්‍රිකපානයෙහි හෝ තෙල්වල හෝ වෙන යම් කෑමක හෝ තැවරුණොත් ඒවා ශුද්ධවන්නේද කියා ව්‍යවස්ථාව ගැන පූජකයන්ගෙන් අසන්නැයි කියනසේක. පූජකයෝ උත්තරදෙමින්: නැතැයි කීවෝය.

උන්වහන්සේගේ සළුවේ දාවල්ලටවත් අතගසන්ට ඔවුන්ට ඉඩ දෙන හැටියට උන්වහන්සේගෙන් ඉල්ලුවෝය. අතගැසූ සියල්ලෝම සුවපත්වූවෝය.

මක්නිසාද: උන්වහන්සේගේ සළුවට පමණවත් අතගැසුවොත් මට සුවවන්නේයයි ඈ සිතින් කියාගත්තාය.

එබැවින්, ප්‍රේමවන්තයෙනි, මේ පොරොන්දු අපට තිබෙන නිසා, මාංසයේද ආත්මයේද සියලු කිලුටුකම්වලින් අපම පවිත්‍රකර ගනිමින්, දෙවියන්වහන්සේ කෙරෙහි භයින් යුක්තව, ශුද්ධකම සම්පූර්ණකරගනිමු.

එසේය, මෙන්න, දේවකැමැත්තේ හැටියට ශෝකවීම යන කාරණයෙන් නුඹලා තුළ කොපමණ උනන්දුකමත් කොපමණ නිදොස්කරගැනීමත් කොපමණ අමනාපවීමත් කොපමණ භයත් කොපමණ ආශාවත් කොපමණ ජ්වලිතකමත් කොපමණ යුක්තිය සිදුකිරීමේ අදහසත් හටගත්තා නොවේද! මේ කාරණය සම්බන්ධව නුඹලා නිදොස් බව නුඹලා සියලු ආකාරයෙන්ම ඔප්පුකළහුය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්