පූජකයෙකුගේ සියලු ආහාර පූජා සහමුලින්ම දවනු ලබන්ට ඕනෑය. ඒවා නොකෑ යුතුයයි කීසේක.
තවද ශුද්ධස්ථානයෙහි සමගිකමක් කරන පිණිස ලේ ගන්ට යෙදුණු පාප පූජාවේ ගොනාද පාප පූජාවේ එළුවාද කඳවුරෙන් පිටතට ගෙන ගොස් උන්ගේ හම්ද මාංසද ගොමද ගින්නෙන් පුලුස්සා දැමිය යුතුය.
ආහාර පූජාවෙන් ඉතිරි කොටස ආරොන්ටත් ඔහුගේ පුත්‍රයන්ටත් වන්නේය. එය ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජාවලින් අති ශුද්ධ එකක්ය.
අතුණු සහ ගොමද යන මුළු ගොනා කඳවුරෙන් පිටත අළු දමන පවිත්‍ර ස්ථානයකට ගෙනගොස් දර පිට ගින්නෙන් දවන්නේය. අළු දමන ස්ථානයෙහි ඌ පුලුස්සා දැමිය යුතුය.
ඔහු ඒ ගොනා කඳවුරෙන් පිටතට ගෙනගොස් ප්‍රථම ගොනා දැවුවාක් මෙන් ඌ දැවිය යුතුය. එය සමූහයා උදෙසා පාප පූජාවය.
එවිට ආලේපලත් පූජකයා ගොනාගේ ලෙයින් මඳක් රැගෙන එය සම්මුඛවීමේ කූඩාරම ළඟට ගෙනා යුතුය.
ඔහුගේ පුත්‍රයන්ගෙන් ඔහු වෙනුවට ආලේපලත් පූජකයා ඒක පූජාකළ යුතුය. නිරන්තර පනතකින් ඒක ස්වාමීන්වහන්සේට සහමුලින්ම දවනු ලැබිය යුතුය.
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්: