ඒක මුහුන් දමා බදිනු නොලැබිය යුතුය. ගින්නෙන් කළ මාගේ පූජාවලින් ඔවුන්ගේ කොටස මෙන් ඒක දුනිමි; පාප පූජාව මෙන්ද අපරාධ පූජාව මෙන්ද ඒක අති ශුද්ධය.
සත් දවසක් පූජාසනය උදෙසා සමඟිකිරීමේ පූජාව ඔප්පුකොට ඒක විශුද්ධකරන්න. මෙසේ පූජාසනය අති ශුද්ධ වන්නේය; පූජාසනයට ස්පර්ශවන කොයි දෙයක් නුමුත් ශුද්ධ වන්නේය.
දවන පූජාසනයද ඒකේ සියලු භාජනද ආලේපකොට පූජාසනයද විශුද්ධකරන්න. පූජාසනයද ඉතා ශුද්ධවන්නේය.
මෝසෙස් පාප පූජාවේ එළුවා ඕනෑකමින් සෙවීය, බලව, ඒකා පුලුස්සාදමා තිබුණේය. ඔහු ඉතිරිව සිටිය ආරොන්ගේ පුත්‍රයන් වූ එලෙයාසර්ද ඊතාමාර්ද කෙරෙහි උදහස්ව:
නුඹලා ස්වාමීන්වහන්සේට ඔප්පුකරන කිසි ආහාර පූජාවක් මුහුන් මිශ්‍රකොට නොසෑදිය යුතුය. මක්නිසාද ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජාවක් වශයෙන් මුහුන්වත් මීපැණිවත් නොදැවිය යුතුය.
ආහාර පූජාවෙන් ඉතිරි කොටස ආරොන්ටත් ඔහුගේ පුත්‍රයන්ටත් වන්නේය. එය ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජාවලින් අති ශුද්ධ එකක්ය.
ආරොන් සහ ඔහුගේ පුත්‍රයන්ට කථාකරමින් මෙසේ කියන්න–පාප පූජාව පිළිබඳ ව්‍යවස්ථාව මේය: දවන පූජාවේ සතා මරන තැනදී පාප පූජාවේ සතාද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි මැරිය යුතුය. එය අති ශුද්ධය.
පාප පූජාවක් කොට එය ඔප්පුකරන පූජකයා එය කන්ට ඕනෑය. සම්මුඛවීමේ කූඩාරමේ මළුවෙහිදී, ශුද්ධවූ තැනක එය කනු ලැබේවා.
පූජකයන් අතරෙහි සියලු පිරිමි එයින් කන්නෝය. එය අති ශුද්ධය.
අපරාධ පූජාව පිළිබඳ ව්‍යවස්ථාව මේය: එය අති ශුද්ධය.
පූජකයන් අතරෙහි සියලු පිරිමින්ට එයින් කන්ට පුළුවන. ශුද්ධවූ තැනකදී එය කෑ යුතුය. එය අති ශුද්ධය.
පාප පූජාව යම්සේද අපරාධ පූජාවත් එසේමය. ඒවාට එක පනතක් ඇත්තේය. එයින් සමගිකම් කරන පූජකයා ඒවා ලැබිය යුතුය.
උන්වහන්සේ කිසි පාපයක් නොකළසේක, උන්වහන්සේගේ මුඛයෙහි වංචාවක්ද සම්බවුණෙත් නැත,