තමාගේ ඇඟිල්ල ලෙයෙහි ගල්වා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තිරය ඉදිරිපිට සත් වරක් එය ඉසිය යුතුය.
කුෂ්ඨයෙන් පවිත්‍රවෙන්ට සිටින්නාට සත් වරක් ඉස ඔහු පවිත්‍රයයි කියා පණපිටින් සිටින පක්ෂියා එළිමහනෙහි නිදහස්කර හරීවා.
තවද ඔහු ගොනාගේ ලෙයින් ස්වල්පයක් ගෙන තමාගේ ඇඟිල්ලෙන් කරුණාසනයෙහි නැගෙන ඉර පැත්තේ ඉසින්නේය; ඔහු කරුණාසනය ඉදිරියෙහි තමාගේ ඇඟිල්ලෙන් ඒ ලේ සත් වරක් ඉසිය යුතුය.
ආලේපලත් පූජකයා ගොනාගේ ලෙයෙන් මඳක් සම්මුඛවීමේ කූඩාරම ළඟට ගෙනවුත්,
එවිට ආලේපලත් පූජකයා ගොනාගේ ලෙයින් මඳක් රැගෙන එය සම්මුඛවීමේ කූඩාරම ළඟට ගෙනා යුතුය.
ඔහු එයින් පූජාසනය පිට සත් වරක් ඉස පූජාසනය සහ ඒකේ සියලු භාජනද සෝදන භාජනය හා ඒකේ අඩියද පවිත්‍රකරන පිණිස ඒවා ආලේපකෙළේය.
පූජකවූ එලෙයාසර්ද තමාගේ ඇඟිල්ලට උගේ ලෙයින් ගෙන සම්මුඛවීමේ කූඩාරමේ ඉස්සරහ පැත්ත දෙසට උගේ ලෙයින් සත්වරක් ඉසීවා.