ඔහු අතුණු වැසී තිබෙන තෙලද අතුණු පිට තිබෙන තෙල් සියල්ලද වකුගඩු දෙක සහ ඊ පිට තුනටිය ළඟ තිබෙන තෙලද,
එයින් අමුවෙන්වත් කිසිසේත් වතුරෙන් තම්බාවත් නොකා උගේ හිසද කකුල්ද අභ්‍යන්තර කොට්ඨාස සමඟ ගින්නෙන් පුළුස්සා කන්න.
මාගේ පුත්‍රය, නුඹේ සිත මට දෙන්න, නුඹේ ඇස් මාගේ මාර්ග ගැන ප්‍රීතිවේවා.
දුකත් ශෝකයත් දැකීමටද මාගේ දවස් ලජ්ජාවෙන් පසුවෙන්ටද මා කුසෙන් නික්ම ආවේ මක්නිසාද?
ඔහු තමාගේ අත උගේ හිස පිට තබා සම්මුඛවීමේ කූඩාරම ඉදිරිපිට ඌ මැරිය යුතුය. ආරොන්ගේ පුත්‍රයෝද උගේ ලේ පූජාසනය පිට හාත්පසින් ඉසිත්වා.
වකුගඩු සමඟ අක්මාව පිට දැලද අහක්කොට ඒවායින් තමාගේ පූජාව එනම් ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජාවක් ඔප්පුකළ යුතුය.
ශාන්ති පූජාවලින් තෙල ගත්තාක් මෙන් උගේ තෙල සියල්ල ගෙනවුත් එය ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් කොට පූජාසනය පිට දැවිය යුතුය. මෙසේ පූජකයා ඔහු උදෙසා සමඟිකම් කරන්නේය, ඔහුද ක්ෂමාකරනු ලබන්නේය.
ඔහු තෙල පූජාසනය පිට දැවුවේය.
උන්වහන්සේ ඔහුට කථාකොට: නුඹේ මුළු හෘදයෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රේමකරව.
එකල උන්වහන්සේ ඔවුන්ට කථාකොට: මැරෙන තරම් මාගේ ආත්මය ඉතා ශෝක සහිතය. නුඹලා මෙහි නැවතී මා සමඟ අවදිව සිටින්නැයි කීසේක.