මනුෂ්‍යයන් විසින් ස්වාමීන්වහන්සේට පූජාවක් ඔප්පුකිරීමට ගන්නාවූ මෘගයෙක් නම්, මනුෂ්‍යයෙකු ස්වාමීන්වහන්සේට දෙන්නාවූ එබඳු සියල්ලම ශුද්ධවන්නේය.
මේක කැපයයි ඉක්මන්වී කියා, බාරවල් වුණාට පසු විභාගකිරීම මනුෂ්‍යයෙකුට මලපතක්ය.
නුඹේ මාංසය ලවා පව්කරවන්ට නුඹේ කටට ඉඩනොදෙන්න; ඒක වැරදිල්ලකැයි දේවදූතයා ඉදිරියෙහි නොකියන්න. දෙවියන්වහන්සේ නුඹේ හඬට උදහස්ව නුඹේ අත්වල කර්මාන්තය නාස්ති කරන්ට ඕනෑ මන්ද?
ඔවුන් විසින් එයින් කිසිවක් විකුණන්ටවත් මාරුකරන්ටවත් භූමියේ ප්‍රථම ඵල අහිමිකරන්ටවත් නොයෙදේවා. මක්නිසාද එය ස්වාමීන්වහන්සේට ශුද්ධය.
ඔහු හොඳ එකෙකු නරක එකෙකුට හෝ නරක එකෙකු හොඳ එකෙකුට හෝ වෙනස් නොකළ යුතුය, මාරුනොකළ යුතුය. කොයි ආකාරයකින්වත් මෘගයෙකුට මෘගයෙකු මාරුකරන්නේනම් ඒකාද ඌට මාරුකළ එකාද ශුද්ධවන්නෝය.
නුමුත් ඔහු නුඹ නියමකරන ගණනේ තරම ගෙවන්ට බැරි දිළින්දෙක් නම් පූජකයා ඉදිරිපිට සිටවනු ලැබිය යුතුය, පූජකයා ඔහුට ගණනක් නියම කෙරේවා; භාරයක්වූ තැනැත්තාගේ වත්කමේ ප්‍රකාරයට පූජකයා ඔහුට නියමකෙරේවා.
යමෙක් ස්වාමීන්වහන්සේගේ ශුද්ධවූ දේවල් ගැන වරදක් කොට නොදැනුවත්ව පව්කළොත් ඔහු තමාගේ අපරාධය උදෙසා අපරාධ පූජාවක් පිණිස ශුද්ධ ස්ථානයේ ෂෙකෙලේ හැටියට නුඹ නියමකරන රිදී ෂෙකෙල් ගණනට රැළෙන් කැලල් නැති බැටළුවෙකු ස්වාමීන්වහන්සේ වෙතට ගෙනවුත්,
එහෙත්: කවරෙක් නුමුත් පියාට හෝ මවුට හෝ කථාකොට–මාගෙන් ඔබට ප්‍රයෝජන වෙන්ට පුළුවන්ව තිබුණු දේ දෙවියන්වහන්සේට දෙනලදැයි ඔවුන්ට කියන්නේ නම්, ඔහු විසින් පියාට ගෞරව නොකර සිටිය යුතුයයි නුඹලා කියන්නෝය.