පූජකයා ජුබිලි වර්ෂය දක්වා නුඹ නියමකරන මිලයේ හැටියට ඔහුට ගණන බලා කියාවා. ඔහු ඒ දවසේදී නුඹ නියමකරන ගණන ස්වාමීන්වහන්සේට ශුද්ධ දෙයක්කොට දේවා.
පූජකයා උගේ හොඳ නරක හැටියට උගේ ගණන නියමකෙරේවා. පූජකයාවූ නුඹේ නියම කිරීමේ හැටියටම වේවා.
එහෙත් ඔහුගේ කෙත ජුබිලි වර්ෂයට පසුව කැපකරන්නේනම් පූජකයා ජුබිලි වර්ෂය දක්වා ඉතිරිව තිබෙන අවුරුදු ලෙස ඔහුට මිල ගණන් බලා කියාවා, ඒ හැටියට නුඹේ නියමකිරීම අඩුවන්නේය.
යමෙක් තමාගේ උරුම බිමක් නොවන්නාවූ තමා මිලේටගත් කෙතක් ස්වාමීන්වහන්සේට කැපකරන්නේනම්,
ජුබිලි වර්ෂයේදී ඒ කෙත එය වික්කාවූ එහි උරුමය අයිතිවූ තැනැත්තාට නැවත ලැබෙන්නේය.