මනුෂ්‍යයෙක් තමාගේ ගෙය ස්වාමීන්වහන්සේට ශුද්ධකොට කැපකරන කල පූජකයා ඒකේ හොඳ නරක හැටියට ගණන නියමකෙරේවා. පූජකයා නියමකරන ගණනේ හැටියටම එය ස්ථිරවේවා.
නුමුත් ඌ මුදාගන්ට ඔහු කැමතිනම් නුඹ නියමකරන ගණනට ඔහු පහෙන් පංගුවක් එකතුකර දිය යුතුය.
කැපකළ තැනැත්තේ තමාගේ ගෙය මුදාගන්ට කැමතිනම් නුඹ නියමකරන මුදලට එයින් පහෙන් පංගුවක් එකතුකර දේවා, එවිට ඒක ඔහුගේ වන්නේය.
ඔහු තමාගේ කෙත ජුබිලි වර්ෂය පටන් කැප කරන්නේනම් නුඹේ නියමකිරීමේ හැටියට එය ස්ථිරවන්නේය.
එහෙත් ඔහුගේ කෙත ජුබිලි වර්ෂයට පසුව කැපකරන්නේනම් පූජකයා ජුබිලි වර්ෂය දක්වා ඉතිරිව තිබෙන අවුරුදු ලෙස ඔහුට මිල ගණන් බලා කියාවා, ඒ හැටියට නුඹේ නියමකිරීම අඩුවන්නේය.
ඒ බිම ජුබිලි වර්ෂයේදී නිදහස් වෙන විට තීන්දුවටම කැපවූ බිමක් මෙන් ස්වාමීන්වහන්සේට ශුද්ධවන්නේය; ඒකේ අයිතිය පූජකයාට වන්නේය.
ඉශ්‍රායෙල්වරුන් අතරෙහි කැපකරනලද සියල්ල නුඹට වන්නේය.