නුමුත් ස්වාමීන්වහන්සේට පූජාවක් ඔප්පුකිරීමට නොගන්නාවූ යම් අපවිත්‍ර මෘගයෙක් නම්, ඔහු ඒ මෘගයා පූජකයා ඉදිරිපිට සිටවිය යුතුය.
ඔහු හොඳ එකෙකු නරක එකෙකුට හෝ නරක එකෙකු හොඳ එකෙකුට හෝ වෙනස් නොකළ යුතුය, මාරුනොකළ යුතුය. කොයි ආකාරයකින්වත් මෘගයෙකුට මෘගයෙකු මාරුකරන්නේනම් ඒකාද ඌට මාරුකළ එකාද ශුද්ධවන්නෝය.
පූජකයා උගේ හොඳ නරක හැටියට උගේ ගණන නියමකෙරේවා. පූජකයාවූ නුඹේ නියම කිරීමේ හැටියටම වේවා.
එසේ නොව බාරයක්වී තමාගේ රැළේ පිරිමි සතෙකු සිටිද්දී නරක්වූ සතෙකු ස්වාමීන්වහන්සේට ඔප්පුකරන ප්‍රයෝගකාරයාට ශාපවේවා. මක්නිසාද මම මහත් රජෙක්ය, මාගේ නාමය ජාතීන් අතරෙහි භයානකව තිබේයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
වේශ්‍යාවකුගේ පණයම්වත් බල්ලෙකුගේ කුලීවත් කිසියම් බාරයක් පිණිස නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගෘහයට නොගෙනෙන්න. මක්නිසාද මේ දෙකම නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය.