නුඹලා එහි වාසයකරද්දී නුඹලාගේ සබත් කාලවල ඊට නොලැබුණු නිවාඩුව නටබුන් භාවයේ කාලයෙහිදී ලබනවා ඇත.
එබැවින් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලා එක එකා තම තමාගේ සහෝදරයාටත් තම තමාගේ අසල්වාසියාටත් නිදහස ප්‍රකාශකරන්ට නුඹලා මට ඇහුම්කන්දුන්නේ නැත. බලව, කඩුවටත් වසංගතයටත් සාගතයටත් අසුවීමට නුඹලාට මම නිදහස ප්‍රකාශකරමි; පොළොවේ සියලු රාජ්‍යයන් අතරෙහි නුඹලා ඔබමොබ විසිරයන්ට සලස්වන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකරමින් මෙසේ කියන්න–මා විසින් නුඹලාට දෙන දේශයට නුඹලා පැමිණි කල දේශය ස්වාමීන්වහන්සේට සබතක් පවත්වන්නීය.
එකල නුඹලාගේ සතුරන්ගේ දේශයෙහි නුඹලා සිටින අතර නාස්තිවීමේ කාලය මුළුල්ලෙහි දේශය ඒකේ සබත් කාලවල් භුක්ති විඳිනවා ඇත; එකල දේශය නිවාඩු ලැබ ඒකේ සබත් කාලවල් භුක්තිවිඳිනවා ඇත.
නුඹලාගෙන් ඉතුරුවෙන්නන් ගැන නම්, මම ඔවුන්ගේ සතුරන්ගේ දේශවලදී ඔවුන්ගේ සිත්වලට ක්ලාන්තභාවයක් පමුණුවන්නෙමි. සැලෙන කොළයක ශබ්දයට ඔව්හු දුවන්නෝය; කඩුව ඉදිරියෙන් යමෙක් පලායන්නාක් මෙන් ඔව්හු පලා ගොස් කිසිවෙකු ඔවුන් නොඑළවන කල වැටෙන්නෝය.
මක්නිසාද මුළු මැවිල්ල මේ දක්වා එක්ව කෙඳිරිගාමින් ගාවිනා විඳින බව දනිමුව.