ජුබිලි අවුරුද්ද දක්වා ඉතුරුව තිබෙන්නේ අවුරුදු ස්වල්පයක් නම් ඔහු සමඟ ගණන බලා තමාගේ අවුරුදුවල හැටියට තමාගේ මිදීමේ මිල නැවත දේවා.
බොහෝ අවුරුදු ඉතුරුව තිබේනම් ඒවායේ හැටියට තමාගේ මිදීමේ මිලය තමා විකුණනු ලැබූ මිලයෙන් නැවත ගෙවිය යුතුය.
අවුරුද්දෙන් අවුරුද්ද පඩියට වැඩකරන්නෙකු මෙන් ඔහු ඒ අය වෙත සිටීවා. ඒ අය නුඹ ඉදිරිපිට ඔහු කෙරෙහි තද ලෙස අධිපතිකම් නොකෙරේවා.