නුඹේ ගොයමින් ඉබේම හටගන්න ඒවා කපා නොගන්න, කප්පාදු නොකළ නුඹේ මිදිවැළේ වලු රැස්කර නොගන්න. එය දේශයට ගරුමය නිවාඩුවේ අවුරුද්දක් වන්නේය.
මෙය නුඹට ලකුණු වන්නේය. එනම් මේ අවුරුද්දේ ඉබේම හටගන්නා ධාන්‍ය සහ දෙවෙනි අවුරුද්දේ එයින් හටගන්න ඒවාත් නුඹලා කනවා ඇත; තුන්වෙනි අවුරුද්දේ නුඹලා වපුරා කපාගන්න, මිදිවතුත් වවා ඒවායේ ඵල කන්න.
මේ වනාහි නුඹට ලකුණක් වන්නේය, එනම් මේ අවුරුද්දේ ඉබේම හට ගන්නා ධාන්‍ය සහ දෙවෙනි අවුරුද්දේ එයින් හටගන්න ඒවාත් නුඹලා කනවා ඇත; තුන්වෙනි අවුරුද්දේ නුඹලා වපුරා කපාගන්න, මිදිවතුත් වවා ඒවායේ ඵල කන්න.
ඒ පනස්වෙනි වර්ෂය නුඹලාට ජුබිලියක් වන්නේය. ඒ කාලයෙහි වපුරන්ටවත් ඉබේම හටගන්න ඒවා කපාගන්ටවත් කප්පාදු නොකළ මිදි වැළෙන් ඵල නෙලාගන්ටවත් යුතු නැත.
එහෙත් සත්වෙනි අවුරුද්ද ස්වාමීන්වහන්සේට පවත්වන සබතක් වන දේශයට ගරුමය නිවාඩුවේ සබත් කාලයක් වන්නේය. නුඹේ කෙත නොවපුරන්න, නුඹේ මිදිවැල් කප්පාදු නොකරන්න.
දේශයේ සබත් නුඹලාට එනම් නුඹටත් නුඹේ මෙහෙකරුවාටත් නුඹේ මෙහෙකාරීටත් නුඹේ කුලීකාරයාටත් නුඹ සමඟ වසන ආගන්තුකයාටත් ආහාර පිණිස වන්නේය;