නුඹට ඇතිවන්නාවූ දාස දාසීන් ගැන නම්, නුඹලා වටකරින් සිටින ජාතීන්ගෙන්ම දාස දාසීන් මිලේට ගත යුතුය.
එහෙත් ඒ ඒ මනුෂ්‍යයා විසින් මිලේට ගත් මෙහෙකරුවා නුඹ විසින් චර්මඡේද්‍යය කරනු ලැබූ පසු එයින් කන්නට ඔහුට පුළුවන.
එසේවී නුමුත් ඔහු දවසක් හෝ දෙදවසක් හෝ නොමැරී සිටියොත් ඔහු දඬුවම් නොලබන්නේය. මක්නිසාද ඒ තැනැත්තා ඔහුගේ වස්තුවය.
තදකමින් ඔහු කෙරෙහි අධිපතිකම් නොකොට නුඹේ දෙවියන්වහන්සේට භය වෙන්න.
ඇරත් නුඹලා අතරෙහි විදේශීව සිටින්නාවූ අන් රට වැසියන්ගේ දරුවන්ගෙන්ද ඔවුන්ට නුඹලාගේ දේශයෙහිදී උපදින්නාවූ නුඹලා ළඟ සිටින ඔවුන්ගේ පවුල්වලින්ද මිලේට ගන්න. ඔවුන් නුඹලාගේ උරුමයක් කොට තබාගන්ට පුළුවන.