අස්වැන්න ලැබෙන ප්‍රමාණයට ඔහු නුඹට ඒවා විකුණන නිසා, අවුරුදුවල වැඩිකමේ ප්‍රකාරයට එහි මිල ගණන වැඩිකළ යුතුය, අවුරුදුවල අඩුකමේ ප්‍රකාරයට එහි මිල ගණන අඩුකළ යුතුය.
ජුබිලි වර්ෂයට පසුව තිබෙන අවුරුදු ගණන හැටියට නුඹේ අසල්වාසියාගෙන් මිලේට ගන්න, අස්වනු ලැබෙන අවුරුදු ගණන හැටියට ඔහු නුඹට විකිණිය යුතුය.
ඔහු වික්ක දා පටන් අවුරුදු ගණන්කොට වැඩිව තිබෙන මුදල් ඒක මිලේට ගත් තැනැත්තාට නැවත දී තමාගේ උරුමයට දෙවනු පැමිණේවා.
බොහෝ අවුරුදු ඉතුරුව තිබේනම් ඒවායේ හැටියට තමාගේ මිදීමේ මිලය තමා විකුණනු ලැබූ මිලයෙන් නැවත ගෙවිය යුතුය.
එහෙත් ඔහුගේ කෙත ජුබිලි වර්ෂයට පසුව කැපකරන්නේනම් පූජකයා ජුබිලි වර්ෂය දක්වා ඉතිරිව තිබෙන අවුරුදු ලෙස ඔහුට මිල ගණන් බලා කියාවා, ඒ හැටියට නුඹේ නියමකිරීම අඩුවන්නේය.