Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



ලෙවී කථාව 24:3

Sinhala Revised Old Version

සම්මුඛවීමේ කූඩාරමෙහි සාක්ෂියේ තිරයට පිටතින් සවස පටන් උදය දක්වා ආරොන් ඒක ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නිතරම පිළියෙළකර තබන්නේය. ඒක නුඹලාගේ පරම්පරාවලට නිරන්තර පනතක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

6 හුවමාරු යොමු  

සාක්ෂි පෙට්ටිය ඉදිරියෙහි තිබෙන තිරයට පිටතින් සම්මුඛවීමේ කූඩාරමෙහි ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සවස පටන් උදය දක්වා ඒක පිළියෙළකර තබන්නෝය. ඒක ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා ඔවුන්ගේ පරම්පරාවල පැවැත්විය යුතු නිරන්තර පනතක් වන්නේය.

එළිය පිණිස පහනක් නිතරම දැල්වීම සඳහා කොටා හිඳගත් පවිත්‍ර ඔලීව තෙල් නුඹ ළඟට ගෙනෙන්ට ඉශ්‍රායෙල් පුත්‍රයන්ට අණකරන්න.

ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පවිත්‍ර පහන්රුක මත්තෙහි පහන් නිතරම පිළියෙළකර තැබිය යුතුය.

නුඹලා විසින් තෙලවත් ලේවත් නොකෑ යුතුය යනු නුඹලාගේ පරම්පරාවල නුඹලාගේ සියලු වාසස්ථානවල නිරන්තර පනතක් වන්නේය.

ඉශ්‍රායෙල් පුත්‍රයන් පිට උදහස තවත් නොපැමිණෙන පිණිස ශුද්ධස්ථානයේ භාරයද පූජාසනයේ සේවයද නුඹලා විසින් බලාගතයුතුය.

එකල ඒලී තමාගේ ස්ථානයෙහි සැතපෙද්දීත්, දෙවියන්වහන්සේගේ පෙට්ටිය තිබුණාවූ ස්වාමීන්වහන්සේගේ මාලිගාවෙහි සාමුවෙල් නිදා ඉඳිද්දීත්, දෙවියන්වහන්සේගේ පහන නිවෙන්ට පළමුවෙන්,




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්