බිඳුමට බිඳුමක්ද ඇසට ඇසක්ද දතට දතක්ද වශයෙන් මනුෂ්‍යයෙකුට ඔහු කළ පලුදුවේ හැටියට ඔහුටත් කරනු ලැබේවා.
මනුෂ්‍යයෙක් තමාගේ අසල්වාසියාට පලුදුවක් කළොත් ඔහු කළ ලෙසම ඔහුටත් කරනු ලැබේවා;
ඇසකට ඇසක්ය, දතකට දතක්යයි කී බව නුඹලා අසා තිබේ.
නුඹේ ඇස දයා නොකෙරේවා; ප්‍රාණය හිලව්වට ප්‍රාණයක් ගනුලැබේ, ඇස හිලව්වට ඇසක්ය, දත හිලව්වට දතක්ය, අත හිලව්වට අතක්ය, පය හිලව්වට පයක්ය.
අදොනි-බෙශෙක් කථාකොට: අත්පාවල මාපට ඇඟිලි කපාදමනලද රජවරු සැත්තෑදෙනෙක් මාගේ මේසය යට කෑම ඇහිඳගත්තෝය. මා කළ ලෙස දෙවියන්වහන්සේ මට ප්‍රතිඵල දුන්සේකැයි කීවේය. ඔව්හු ඔහු යෙරුසලමට ගෙනගියෝය, ඔහු එහිදී මළේය.