මා ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසර දේශයෙන් ගෙනා කල ඔවුන් පැල්වල වාසය කෙරෙවු බව නුඹලාගේ පරම්පරාවල අය දැනගන්නා පිණිස සත් දවසක් පැල්වල වාසයකරන්න.
යාකොබ් සුක්කොත්ට ගමන්කොට තමාට ගෙයක් ගොඩනැගුවේය, තමාගේ සිව්පාවුන්ට මඩුද සෑදීය. එබැවින් ඒ ස්ථානයට සුක්කොත් යන නම තබනලද්දේය.
අපි කූඩාරම්වල වාසයකොට, අපේ පියවූ යෝනාදාබ්ට කීකරුව, ඔහු අපට අණකළ සියල්ල ලෙස කර සිටිමුව.
ඇරත් මම ප්‍රොපේතවරුන්ට කථාකොට, මමම බොහෝ දර්ශන පෙන්වා, ප්‍රොපේතවරුන් කරණකොටගෙන උපමා භාවිතාකෙළෙමි.
එහෙත් මිසර දේශයේ පටන් මම නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේය; මංගල්‍ය දවස්වලදී මෙන් මත්තටත් නුඹ කූඩාරම්වල වාසයකරවන්නෙමි.
ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකරමින් මෙසේ කියන්න–මේ සත්වෙනි මස පසළොස්වෙනි දින පටන් සත් දවසක් ස්වාමීන්වහන්සේට කූඩාරම් මංගල්‍යය වන්නේය.
අවුරුද්දකට සත් දවසක් එය ස්වාමීන්වහන්සේට මංගල්‍යයක් කොට පවත්වන්න. එය නුඹලාගේ පරම්පරාවල නිරන්තර පනතක්ය. සත්වෙනි මාසයේ ඒක පවත්වන්න.
බාලාම් තමාගේ ඇස් ඔසවා ඉශ්‍රායෙල්වරුන් තමුන්ගේ ගෝත්‍ර ප්‍රකාරයට වාසයකරන බව දුටුවේය; දෙවියන්වහන්සේගේ ආත්මයද ඔහු කෙරෙහි පැමිණියේය.
එම්බා යාකොබ්, නුඹේ කූඩාරම්, එම්බා ඉශ්‍රායෙල්, නුඹේ මණ්ඩප කොපමණ ශෝභනද!
කූඩාරමක්වූ අපේ භූමික ගෙය කඩාවැටුණත් දෙවියන්වහන්සේගෙන්වූ ගොඩනැගිල්ලක් වන අතින් නොසෑදුවාවූ සදාකාලිකවූ ගෘහයක් ස්වර්ගවල අපට ඇති බව දනිමුව.