ස්වාමීන්වහන්සේ මෝසෙස්ට තවත් කථාකොට කියනසේක්:
නුඹ කිසිම බර වැඩක් නොකළ යුතුය. ස්වාමීන්වහන්සේට ගිනි පූජාවක් ඔප්පුකළ යුතුයයි කීසේක.
ඒ කෙසේ වුවත් මේ සත්වෙනි මස දසවෙනි දින සමගිකමක් කිරීමේ දවසය. නුඹලා ශුද්ධ සභා රැස්වීමක් පැවැත්විය යුතුය, නුඹලාගේ ආත්මවලට දුක්දී ස්වාමීන්වහන්සේට ගිනි පූජාවක් ඔප්පුකළ යුතුය.
මේ සත්වෙනි මස දසවෙනි දවසේ ශුද්ධ රැස්වීමක් පවත්වා කිසි ආකාර වැඩක් නොකර දුක් විලාසයෙන් සිටින්න.