තවද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:
නුඹලාගේ දේශයේ ගොයම් කපන කල නුඹේ කෙතේ මුලුවලින් සහමුලින් කපා නොගන්න, වැටී තිබෙන කරල් එකතුකර නොගන්න. ඒවා දිළිඳුන්ට හා විදේශීන්ට අරින්න. මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේයයි කීසේක.
ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකරමින් මෙසේ කියන්න–සත්වෙනි මස පළමුවෙනි දින නුඹලාට ගරුමය නිවාඩුවක්ද හොරණෑ පිඹීමේ සිහිවීමක්ද ශුද්ධ සභා රැස්වීමක්ද වන්නේය.
භාරයක් ඉෂ්ටකිරීම පිණිස හෝ සතුටු පඬුරක් පිණිස හෝ නුඹලාගේ නියම මංගල්‍යවලදී හෝ ගවරැළෙන්වත් එළු බැටළු රැළෙන්වත් ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් කොට නුඹලා ගිනිපූජාවක් ඔප්පුකරනවිට, ඒක දවන පූජාවක් නුමුත් යාග පූජාවක් නුමුත්,
සත්වෙනි මාසයේ පළමුවෙනි දින ශුද්ධ රැස්වීමක් පවත්වන්න; කිසි බර වැඩක් නොකරන්න. ඒක නුඹලාට හොරණෑ පිඹීමේ දවසක්ය.