නුඹලා ඒ මිටිය තේවකරන දවසේදී ස්වාමීන්වහන්සේට දවන පූජාවක් කොට කැලලක් නැති අවුරුද්දක බැටළුවස්සෙක්ද,
ඒ බැටළු පැටවා කැලලක් නැති අවුරුද්දක් වූ පිරිමි සතෙක් විය යුතුය. බැටළුවන්ගෙන් හෝ එළුවන්ගෙන් හෝ ඌ රැගෙන,
ඉදින් දවන පූජාවක් පිණිස ඔහුගේ පූජාව බැටළු රැළෙන්වත් එළු රැළෙන්වත් වන්නේනම්, ඔහු නොකැලල් පිරිමි සතෙකු පූජාකළ යුතුය.
ඉදින් ඔහුගේ පූජාව ගව රැළෙන් වූ දවන පූජාවක් නම්, ඔහු කැලල් නැති පිරිමි සතෙකු ඔප්පුකළ යුතුය. ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පිළිගනු ලබන පිණිස ඔහු ඌ සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩදී ඔප්පුකළ යුතුය.
ඒ මිටිය නුඹලා උදෙසා පිළිගනු ලබන පිණිස ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි එය තේවකරන්නේය. සබත් දවසට පසුවදා පූජකයා එය තේවකෙරේවා.
ඊට ආහාර පූජාවක් පිණිස ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් ඇති ගිනි පූජාවක් කොට තෙල් මිශ්‍රවූ සිහින් පිටි ඒඵාවකින් දසයෙන් දෙපංගුවක්ද ඊට පාන පූජාවක් කොට මුද්‍රිකපාන හිනකින් සතරෙන් පංගුවක්ද ඔප්පු කරන්න.
කැලලක්වත් පලුද්දක්වත් නැති බැටළු පැටවෙකුගේ ලේ වැනිවූ කිස්තුස්වහන්සේගේ අනර්ඝ ලෙය කරණකොටගෙන බව නුඹලා දන්නහුය.