නුඹලා මාගේ ශුද්ධවූ නාමයට අපහාස නොකළ යුතුය; මම ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි විශුද්ධකරනු ලබන්නෙමි. මම
නුමුත් සේනාවල ස්වාමීන්වහන්සේ විනිශ්චය කරණකොටගෙන උසස්වනසේක. ශුද්ධ තැනන්වහන්සේ වන දෙවියන්වහන්සේ ධර්මිෂ්ඨකම කරණකොටගෙන ශුද්ධ බව ප්‍රකාශවෙයි.
සේනාවල ස්වාමීන්වහන්සේම ශුද්ධයයි සලකන්න; නුඹලා භයවෙන්ටත් තැතිගන්ටත් ඕනෑ උන්වහන්සේ ඉදිරියෙහි පමණක්ය.
එකල්හි මෝසෙස් ආරොන්ට කථාකොට: මා ළඟට පැමිණෙන්නන් කරණකොටගෙන මා විශුද්ධ බව දක්වා මුළු සෙනඟ ඉදිරියෙහි ගෞරවය ලබන්නෙමියි ස්වාමීන්වහන්සේ කී කාරණය මේයයි කීවේය. ආරොන් නිශ්ශබ්දව සිටියේය.
නුඹේ වංශයෙන් කිසිවෙකු මොලෙක්ට ගිනි මැදින් යවා පූජාකොට නුඹේ දෙවියන්වහන්සේගේ නාමයට අපහාසනොකරන්න. මම ස්වාමීන්වහන්සේය.
මාගේ පනත් රක්ෂාකරමින් ඒවා ඉෂ්ටකරන්න. මම නුඹලා පවිත්‍රකරන ස්වාමීන්වහන්සේය.
ඔහු තමාගේම සෙනඟ අතරෙහි තමාගේ වංශය දූෂණයනොකොට සිටිය යුතුය. මක්නිසාද මම ඔහු විශුද්ධකරන ස්වාමීන්වහන්සේ යයි කීසේක.
එබැවින් නුඹ ඔහු විශුද්ධකරන්න; මක්නිසාද ඔහු නුඹේ දෙවියන්වහන්සේගේ භෝජනය පූජාකරයි. ඔහු නුඹට ශුද්ධ කෙනෙක් වන්නේය. මක්නිසාද නුඹලා විශුද්ධකරන ස්වාමීන්වහන්සේ වන මම ශුද්ධය.
මක්නිසාද මම ඒවා විශුද්ධකරන ස්වාමීන්වහන්සේයයි කීසේක.
ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් මට කැපකරන ශුද්ධ දේවලින් වෙන්ව සිටින්ටත් මාගේ ශුද්ධ නාමය දූෂණයනොකරන්ටත් ආරොන්ටද ඔහුගේ පුත්‍රයන්ටද කියන්න. මම ස්වාමීන්වහන්සේය.
එබැවින් මාගේ ආඥා රක්ෂාකොට ඒවා පවත්වන්න. මම ස්වාමීන්වහන්සේය.
නුඹලා විශුද්ධකරන ස්වාමීන්වහන්සේය, නුඹලාගේ දෙවියන්වහන්සේ වන පිණිස නුඹලා මිසර දේශයෙන් ගෙනාවෙමි. මම ස්වාමීන්වහන්සේයයි කීසේක.
එහෙයින් නුඹලා මෙසේ යාච්ඤාකරන්න:– ස්වර්ගයෙහි වැඩසිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමයට ගෞරව වේවා. ඔබගේ රාජ්‍යය ඒවා.
උන්වහන්සේද ඔවුන්ට කියන සේක්: නුඹලා යාච්ඤාකරන කල–පියාණෙනි, ඔබගේ නාමයට ගෞරවවේවා. ඔබගේ රාජ්‍යය ඒවා.
සත්‍යතාවෙන් ඔවුන් පවිත්‍රකළ මැනව.
ක්‍රිස්තුස් යේසුස්වහන්සේ කෙරෙහි පිරිසිදුකරනලද්දාවූ, ශුද්ධවන්තව සිටීමට කැඳවනලද්දාවූ කොරින්තියෙහි තිබෙන දෙවියන්වහන්සේගේ සභාවටද ඔවුන්ගෙත් අපගෙත් ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් සියලු තැන්වල යාච්ඤාකරන්නාවූ සියල්ලන්ටද ලියා එවන වගනම්: