Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



ලෙවී කථාව 22:3

Sinhala Revised Old Version

ඔවුන්ට මෙසේ කියන්න: නුඹලාගේ පරම්පරාවලදී නුඹලාගේ මුළු වංශයෙන් කවරෙක් නුමුත් තමාගේ අපවිත්‍රකම තිබෙද්දී ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් ස්වාමීන්වහන්සේට කැපකරන ශුද්ධවූ දේවලට ළංවුණොත්, ඒ තැනැත්තා මා ඉදිරියෙන් සිඳදමනු ලබන්නේය. මම ස්වාමීන්වහන්සේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

10 හුවමාරු යොමු  

මම ඔවුන්ට කථාකොට: නුඹලා ස්වාමීන්වහන්සේට ශුද්ධ අයය; භාණ්ඩත් ශුද්ධය; මේ රන් රිදී නුඹලාගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට කරනලද ස්වෙච්ඡා පූජාවක්ය.

ඔබ මට ජීවන මාර්ගය දක්වනසේක. ඔබ අභිමුඛයෙහි ප්‍රීතියේ සම්පූර්ණකම ඇත්තේය; ඔබගේ දකුණු පැත්තෙහි සදාකාලේටම සැපත ඇත්තේය.

ඔබ ඉදිරියෙන් මා බැහැර නොකළ මැනව; ඔබගේ ශුද්ධාත්මය මාගෙන් පහ නොකළ මැනව.

ඊට සමානව ඒවා මිශ්‍රකරන්නා හෝ එයින් විදේශියෙකුට ගාන්නා හෝ තමන්ගේ සෙනඟ කෙරෙන් සිඳදමනු ලබන්නේයයි කියන්නැයි කීසේක.

ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් මට කැපකරන ශුද්ධ දේවලින් වෙන්ව සිටින්ටත් මාගේ ශුද්ධ නාමය දූෂණයනොකරන්ටත් ආරොන්ටද ඔහුගේ පුත්‍රයන්ටද කියන්න. මම ස්වාමීන්වහන්සේය.

යමෙක් මැරුණු මිනිසෙකුගේ මළකඳට ස්පර්ශවූ කල්හි, ඔහු දෝෂ පහකර නොගත්තොත්, ස්වාමීන්වහන්සේගේ මණ්ඩපය දූෂණය කරන්නේය; ඒ තැනැත්තේ ඉශ්‍රායෙල්වරුන් අතරෙන් සිඳදමනු ලබන්නේය. අපවිත්‍රකම පහකිරීමේ වතුර ඔහු කෙරෙහි නොඉස්ස බැවින් ඔහු අපවිත්‍රවන්නේය; ඔහුගේ අපවිත්‍රකම ඒ වන තුරු ඔහු කෙරෙහි තිබේ.

එවිට උන්වහන්සේ වම් පැත්තේ සිටින්නන්ට කියනසේක්: ශාපලත්තෙනි, මා කෙරෙන් පහව යක්ෂයාටත් ඔහුගේ දූතයන්ටත් සූදානම්කර තිබෙන සදාකාල ගින්නට යන්න.

ඒ දවසේදී ස්වාමීන්වහන්සේ තමන් ශුද්ධවන්තයන් තුළ මහිමය ලබන්ටත් අපේ සාක්ෂිය අදහාගත් නුඹලා සමඟ අදහාගත් සියල්ලන් තුළ මවිතලෙස පෙනෙන්ටත් එන කල්හි,




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්