ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් ස්වාමීන්වහන්සේට පූජාකරන්නාවූ ඔවුන්ගේ ශුද්ධ දේවල් කෑමෙන් දෝෂ පමුණුවන අයුතුකම දරන්ට නොසලස්වන පිණිස ඔව්හු ඒවා දූෂණයනොකෙරෙත්වා.
ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් සම්මුඛවීමේ කූඩාරමට ඇතුල්වන විට හෝ ශුද්ධ ස්ථානයෙහි සේවය කරන පිණිස පූජාසනයට ළංවන විට හෝ ඔවුන් අපරාධය දරා නොනසින පිණිස ඔවුන් ඒවා ඇඳගන සිටිය යුතුය. මේක ඔහුටද ඔහුට පසුව ඔහුගේ වංශයටද නිරන්තර පනතක් වන්නේය.
ඇගේ පූජකයෝ මාගේ ව්‍යවස්ථාව කඩකොට මාගේ ශුද්ධවූ දේ කෙලහුවෝය. ඔවුන් ශුද්ධ එකද අශුද්ධ එකද අතරේ වෙනසක් කළේවත් අපවිත්‍ර එකද පවිත්‍ර එකද අතරේ තිබෙන වෙනස දැන්නුවේවත් නැත, මාගේ සබත්ද ඔව්හු නොසලකා ඇරියෝය, මෙසේ ඔවුන් අතරෙහි මට අගෞරව පැමුණුණේය.
එය කන තැනැත්තේ තමාගේ අපරාධය දරන්නේය, මක්නිසාද ඔහු ස්වාමීන්වහන්සේගේ ශුද්ධවූ දේ අපවිත්‍රකෙළේය. ඒ තැනැත්තා තමාගේ සෙනඟ අතරෙන් සිඳදමනු ලබන්නේය.
මක්නිසාද මම ඒවා විශුද්ධකරන ස්වාමීන්වහන්සේයයි කීසේක.
එබැවින් ඔව්හු මාගේ නියමය දූෂණයකොට, ඒ නිසා පාපය දරා, එහි නොනසින පිණිස එය රක්ෂාකරත්වා. මම ඔවුන් විශුද්ධකරන ස්වාමීන්වහන්සේය.
එසේ නුඹලා එයින් උතුම් කොට්ඨාසය එසෙවු කල ඒ ගැන කිසි පාපයක් දරන්නේවත් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ශුද්ධවූ දේවල් දූෂණයකොට නුඹලා නසින්නේවත් නැත කියා ඔවුන්ට කියන්නැයි කීසේක.