කුදෙක්වත් මිට්ටෙක්වත් ඇසේ සුදක් ඇති කෙනෙක්වත් කබොල්ලක් ඇත්තෙක්වත් දද ඇත්තෙක්වත් තැළුණු අණ්ඩ ඇත්තෙක්වත් ළංනොවිය යුතුය;
ස්වාමීන්වහන්සේට එකතුවී සිටින විදේශියාද: ස්වාමීන්වහන්සේ තමන්ගේ සෙනඟ වෙතින් මා සැබවින් වෙන්කරනසේකැයි නොකියාවා. නපුංසකයාද: බලව, මම වියළි ගසක්යයි නොකියාවා.
අත පය කැඩුණු කෙනෙක්වත්,
අන්ධවූද අවයව කැඩුණාවූද අබ්බාගාතවූද වණවත් පිළිකාවත් දදවත් ඇත්තාවූද සතුන් ස්වාමීන්වහන්සේට ඔප්පු නොකරන්න, උන්ගෙන් පූජාසනය පිට ස්වාමීන්වහන්සේට ගිනි පූජාවක් ඔප්පුනොකරන්න.
අණ්ඩ මඩිනලද හෝ පොඩිකරනලද හෝ කඩාදමනලද හෝ කපාදමනලද හෝ සතෙක් ස්වාමීන්වහන්සේට පූජා නොකරන්න: නුඹලාගේ දේශයෙහි එසේ නොකරන්න.
කෝෂය පොඩි කරනලද නොහොත් රහසඟ කපනලද කෙනෙක් ස්වාමීන්වහන්සේගේ සභාවට ඇතුල් නොවිය යුතුය.
අවජාතකයෙක් ස්වාමීන්වහන්සේගේ සභාවට ඇතුල්නොවිය යුතුය: ඔහුගෙන් පැවත එන කිසිවෙක් දසවෙනි පරම්පරාව දක්වාම ස්වාමීන්වහන්සේගේ සභාවට ඇතුල් නොවිය යුතුය.