ඒ මනුෂ්‍යයා තමාගේ දරුවන්ගෙන් කෙනෙක් මොලෙක්ට දෙන කල දේශයේ වැසියෝ යම් ආකාරයකින් ඔහු කෙරෙන් තමුන්ගේ ඇස් වසාගෙන ඔහු නොමරන්නෝනම්,
ඔහු රජුට කථාකොට: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–මා විසින් විනාශයට කැපකළ මනුෂ්‍යයා නුඹ නිදහස්කර හැරිය බැවින් ඔහුගේ ප්‍රාණය වෙනුවට නුඹේ ප්‍රාණයද ඔහුගේ සෙනඟ වෙනුවට නුඹේ සෙනඟද දෙන්ට වේය කියා වදාරනසේකැයි කීවේය.
ඒ මනුෂ්‍යයා මාගේ ශුද්ධස්ථානය අපවිත්‍රකරන්ටත් මාගේ ශුද්ධ නාමයට නින්දාකරන්ටත් තමාගේ දරුවන්ගෙන් කෙනෙක් මොලෙක්ට දුන් බැවින් මම ඔහුට විරුද්ධව මාගේ මුහුණ යොමුකොට ඔහුගේ සෙනඟ කෙරෙන් ඔහු සිඳදමන්නෙමි.
මම ඒ මනුෂ්‍යයාටද ඔහුගේ පවුලටද විරුද්ධව මාගේ මුහුණ යොමුකොට, ඔහුද මොලෙක් සමඟ වේශ්‍යාකම් කරන්ට ඔහු සමඟ වේශ්‍යාකමට ගිය සියල්ලන්ද ඔවුන්ගේ සෙනඟ අතරෙන් සිඳදමන්නෙමි.
ඉතින් මේ නොදන්නාකමේ කාලවල් දෙවියන්වහන්සේ නොබලා හැරිය නුමුත් සියලු මනුෂ්‍යයන්ට හැමතැන්හි පසුතැවිලිවෙන්ට දැන් අණකරනසේක.
නුඹ ඔහුට එකඟනොවෙන්න, ඔහුට ඇහුම්කන්නොදෙන්න; නුඹේ ඇස ඔහුට දයානොකෙරේවා, ඔහු ඉතුරු කරන්නේවත් සඟවන්නේවත් නැතුව,
එබැවින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට තමුන්ගේ සතුරන් ඉදිරියෙහි සිටින්ට බැරිය, ඔව්හු ශාපයට අසුවුණ බැවින් තමුන්ගේ සතුරන්ට පිටපාති. ඒ කැපවූ දේ නුඹලා අතරෙන් නාස්තිකර නොදැමුවොත් මම තවත් නුඹලා සමඟ නොසිටින්නෙමි.
එහෙත් දේවතා රූපවලට පිදූදේ කන්ටත් වේශ්‍යාකම්කරන්ටත් ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙහි බාධාවක් තැබීමට බාලාක්ට ඉගැන්වූ බාලාම්ගේ ඉගැන්වීම දරන්නන් ඔතැන නුඹ ළඟ සිටින බැවින් නුඹට විරුද්ධව කියන්ට කරුණු ස්වල්පයක් මට තිබේ.