මනුෂ්‍යයෙක් තම පුත්‍රයාගේ භාර්යාව සමඟ සයනය කළොත් ඔවුන් දෙදෙනාම සැබවින් මරනු ලැබිය යුතුය. ඔව්හු ව්‍යාකූලයක් කළෝය; ඔවුන්ගේ ලේ ඔවුන් පිට වන්නේය.
ඈ තමාගේ ලේලී බව ඔහු නොදැන මාර්ගයෙහිදී හැරී ඈ ළඟට ගොස්: එන්න, නුඹ වෙත පැමිණෙන්ට මට ඉඩ අරින්නැයි කීවේය. ඈද: නුඹ මා කරා පැමිණෙන පිණිස මට කුමක් දෙන්නෙහිදැයි ඇසුවාය.
කුමන උකසක් දෙම්දැයි ඔහු ඇසීය. නුඹේ මුද්‍රාවත් නුඹේ මාලයත් නුඹේ අතේ තිබෙන සැරයටියත්යයි ඈ කීවාය. ඔහු ඒවා ඈට දී ඈ කරා පැමිණියේය. ඈ ඔහු කරණකොටගෙන ගර්භිණීවූවාය.
උමං කණින අතර සොරා අසුවී පහර ලැබීමෙන් මළොත් ඔහු ගැන මිනීමැරීමේ වරදක් නොවන්නේය.
නුඹේ ලේලිගේ නග්නභාවය නොහරින්න. ඈ නුඹේ පුත්‍රයාගේ භාර්යාවය; නුඹ ඇගේ නග්නභාවය නෑරිය යුතුය.
කිසි මෘගයෙකු සමඟ සංවාසයකොට අපවිත්‍ර නොවන්න. කිසි ස්ත්‍රියෙක්ද සංවාසය පිණිස මෘගයෙකු ඉදිරියට නොපැමිණිය යුතුය. ඒක ව්‍යාකූල දෙයක්ය.
තමාගේ භාර්යාවගේ මව සමඟ සයනයකරන්නාට ශාප වේවා. එවිට මුළු සෙනඟ: ආමෙන් කියත්වා.