නුඹ මේ දේවලින් සාදනලද ආහාර පූජාව ස්වාමීන්වහන්සේ වෙතට ගෙනෙන්න. එය පූජකයාට ඔප්පුකරනු ලැබිය යුතුය, පූජකයාද එය පූජාසනය ළඟට ගෙනෙන්ට ඕනෑය.
පූජකයෙනි, ගෝණිරෙදි ඔතාගන විලාප කියන්න; පූජාසනයේ සේවකයෙනි, කෑමොරගසන්න; මාගේ දෙවියන්වහන්සේගේ සේවකයෙනි, ඇවිත් ගෝණිරෙදි පෙරවාගන මුළු රාත්‍රියෙහි වැතිර ඉඳින්න. මක්නිසාද ආහාර පූජාවද පාන පූජාවද නුඹලාගේ දෙවියන්වහන්සේගේ ගෘහයට නොපැමිණෙන්නේය.
නුඹේ පූජාව සැළියේ බදින ආහාර පූජාවක් නම් එය තෙල් මිශ්‍රකොට සිහින් පිටියෙන් සෑදිය යුතුය.
තවද පූජකයා ආහාර පූජාවෙන් සිහිවීමේ කොටස ගෙන පූජාසනය පිට දැවිය යුතුය. එය ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් ඇති, ගින්නෙන් කළ පූජාවක්ය.