නුඹේ පූජාව ඇතිලියේ පුලුස්සන ආහාර පූජාවක් නම් එය තෙල් මිශ්‍රකරනලද මුහුන් නුමුසු සිහින් පිටියෙන් විය යුතුය.
එය කැබලි කොට කඩා ඒ පිට තෙල් වත්කරන්න. එය ආහාර පූජාවක්ය.
ඒවා තෙල් ඇතුව ඇතිලියක පිළියෙළකරනු ලැබිය යුතුය; ඒවා පෙඟුණු කල ඇතුළට ගෙනැවිත් පිලිස්සු ආහාර පූජාවක් කොට කැබලි වශයෙන් ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් පිණිස ඔප්පුකරන්න.
ඒක ස්තුති වශයෙන් ඔප්පුකරන්නේනම්, ස්තුති පූජාව සමඟ තෙල් මිශ්‍රවූ මුහුන් නොදැමූ පූපද තෙල් ගෑවාවූ මුහුන් නොදැමූ පෙතිද පෙඟුණු සිහින් පිටිවලින් බදිනලද තෙල් මිශ්‍රවූ පූපද ඔප්පුකළ යුතුය.
උදුනේ බදින්නාවූ ආහාර පූජා සියල්ලද වළඳෙත් ඇතිලියෙත් පිළියෙළකරන සියල්ලද ඒවා ඔප්පුකරන පූජකයාට හිමිවන්නේය.
ඔහුගේ පඬුර නම් ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙල් එකසිය තිහක් බර ඇති එක රිදී තැටියක් සහ ෂෙකෙල් සැත්තෑවක් බර ඇති එක රිදී තාලියකුත්ය; ඒ දෙකම ආහාර පූජාවක් පිණිස තෙල් මිශ්‍රවූ සිහින් පිටිවලින් පිරී තිබුණේය;