නුඹලා ශාන්ති පූජාවක් ස්වාමීන්වහන්සේට පූජාකරන කල නුඹලා පිළිගනු ලබන ලෙස එය පූජාකළ යුතුය.
හෙසකියා දවන පූජා සහ ශාන්ති පූජා ඔප්පුකරන්ටත් ස්වාමීන්වහන්සේගේ කඳවුරේ දොරටුවල සේවය කරන්ටත් ස්තුති ප්‍රශංසා කරන්ටත් පූජකයන්ගෙත් ලෙවීවරුන්ගෙත් පංක්තිවල ප්‍රකාරයට පූජකයන්ගෙන්ද ලෙවීවරුන්ගෙන්ද එකිනෙකාගේ සේවයේ හැටියට ඔවුන්ගේ පංක්ති නියමකෙළේය.
ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් යෞවනයන් යැවීය, ඔව්හු ස්වාමීන්වහන්සේට දවන යාග සහ ශාන්ති යාග කොට ගවයින් පූජාකළෝය.
අධිපතියා ස්වෙච්ඡා දවන පූජාවක්වත් ස්වෙච්ඡා ශාන්ති පූජාවක්වත් ස්වාමීන්වහන්සේට පිළියෙළකරන්ට එන කල, නැගෙනහිරට තිබෙන දොර ඔහුට ඇරදිය යුතුය, ඔහු සබත් දවසේදී කරන ප්‍රකාරයට තමාගේ දවන පූජාවද ශාන්ති පූජාවද පිළියෙළකර පිටතට යන්නේය; ඔහු ගියායින් පසු දොරටුව වසනු ලබන්නේය.
අධිපතියාද දොරටුවේ ශාලාවේ මාර්ගයෙන් පිටතින් ඇතුල්වී, දොරටුවේ කණුව ළඟ සිටින්නේය, පූජකයෝ ඔහුගේ දවන පූජාවද ඔහුගේ ශාන්ති පූජාවද පිළියෙළකරන්නෝය, ඔහු දොරටුවේ එළිපත්ත ළඟ නමස්කාරකොට පිටතටයන්නේය. නුමුත් සවස්වෙන තුරු දොරටුව නොවසා තිබිය යුතුය.
ඉදින් ඔහුගේ පූජාව ගව රැළෙන් වූ දවන පූජාවක් නම්, ඔහු කැලල් නැති පිරිමි සතෙකු ඔප්පුකළ යුතුය. ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පිළිගනු ලබන පිණිස ඔහු ඌ සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩදී ඔප්පුකළ යුතුය.
රූප වෙතට නොහැරෙන්න, වාත්තු දේවතාවුන් සාදානොගන්න. මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.
එය නුඹලා විසින් පූජාකරන දවසේදීද පසු දවසේදීද කෑ යුතුය. තුන්වෙනි දවස දක්වා කිසිවක් ඉතුරුව තිබුණොත් ඒවා ගින්නෙන් දවනු ලැබිය යුතුය.
නුඹලා පිළිගනු ලබන පිණිස ගවයන්ගෙන් හෝ බැටළුවන්ගෙන් හෝ එළුවන්ගෙන් හෝ කැලලක් නැති පිරිමි සතෙකු ඔප්පුකරන්න.
යමෙක් භාරයක් ඉෂ්ටකිරීමට නොහොත් සතුටු පඬුරක් පිණිස ගවයන්ගෙන්වත් එළු බැටළු රැළෙන්වත් ශාන්ති පූජාවක් ඔප්පුකරන විට එය පිළිගනු ලබන පිණිස එහි අංග සම්පූර්ණව තිබිය යුතුය; උගේ කිසි කැලලක් නොතිබිය යුතුය.
අංග විකල්වූ නොහොත් අඩුපාඩුවූ ගවයෙකු හෝ බැටළුවෙකු හෝ ස්වෙච්ඡා පූජාවක් පිණිස පූජාකළ හැකිය; නුමුත් භාරයක් පිණිස ඌ පිළිගනු නොලබන්නේය.
නුඹලා ස්තුති පූජාවක් ස්වාමීන්වහන්සේට පූජාකරන කල්හි නුඹලා පිළිගනු ලබන ලෙස පූජාකරන්න.
එහෙත් ඔහු ඔප්පුකරන තමාගේ පූජාව භාරයක් හෝ ස්වේච්ඡා පූජාවක් නම්, ඔහුගේ පූජාව ඔප්පුකරන දවසෙහි එය කෑ යුතුය. එයින් ඉතුරුවෙන දෙය පසුවදා කන්ට පුළුවන.
ඔහුගේ ශාන්ති පූජාවල යාගයේ මාංසයෙන් කිසිවක් තුන්වෙනි දවසෙහි කෑවොත් එය පිළිගනු ලැබීමවත් එය පූජාකරන තැනැත්තාගේ ගණනට තබනු ලැබීමවත් නොවිය යුතුය. එය පිළිකුලක් වන්නේය, එයින් කන තැනැත්තේද තමාගේ අයුතුකම දරන්නේය.