මාගේ සබත් රක්ෂාකරන්න, මාගේ ශුද්ධස්ථානයට ගෞරව කරන්න. මම ස්වාමීන්වහන්සේය.
ඔහු සෑදූ දේවතා රූපයද දෙවියන්වහන්සේගේ ගෘහයෙහි තැබීය. ඒ ගෘහය ගැන දෙවියන්වහන්සේ දාවිත්ටත් ඔහුගේ පුත්‍රවූ සාලමොන්ටත් කථාකොට: මේ ගෘහයෙහිත් මා විසින් සියලු ඉශ්‍රායෙල් ගෝත්‍ර අතරෙන් තෝරාගත් යෙරුසලමෙහිත් මාගේ නාමය සදාකාලේටම තබන්නෙමි.
පූජකයන්ගේ සියලු ප්‍රධානීහුද සෙනඟ ද ජාතීන්ගේ සියලු පිළිකුල්වල හැටියට බොහෝසේ අපරාධකරමින්, ස්වාමීන්වහන්සේ යෙරුසලමෙහි විශුද්ධකළ උන්වහන්සේගේ ගෘහය අපවිත්‍රකළෝය.
උන්වහන්සේ වනාහි ශුද්ධවන්තයන්ගේ සභාවේදී ඉතා භයානකවූ, තමන් අවට සිටින සියල්ලන්ට වඩා භයවිය යුතුවූ දෙවිකෙනෙක්ය.
සබත් දවස ශුද්ධකොට පවත්වන්ට සිහිකරගනුව.
නුඹ දෙවියන්වහන්සේගේ ගෘහයට යන විට නුඹේ පාද බලාගන්න; අඥානයන් මෙන් පූජා ඔප්පුකිරීමට වඩා අසන්ට ළංවීම හොඳය. මක්නිසාද තමුන් නපුර කරන බව ඔව්හු නොදනිති.
මාගේ ශුද්ධස්ථානයෙන් පටන් ගෙන මහල්ලන්ද යෞවනයන්ද කන්‍යාවන්ද බාලයන්ද ස්ත්‍රීන්ද මරා නාස්තිකර දමන්න. නුමුත් ලකුණ ඇති කිසිවෙකුට ළං නොවෙන්නැයි කීසේක. එවිට ඔව්හු ගෘහය ඉදිරියෙහි සිටි වැඩිමහල් මනුෂ්‍යයන්ගෙන් පටන්ගත්තෝය.
එකල්හි මෝසෙස් ආරොන්ට කථාකොට: මා ළඟට පැමිණෙන්නන් කරණකොටගෙන මා විශුද්ධ බව දක්වා මුළු සෙනඟ ඉදිරියෙහි ගෞරවය ලබන්නෙමියි ස්වාමීන්වහන්සේ කී කාරණය මේයයි කීවේය. ආරොන් නිශ්ශබ්දව සිටියේය.
එසේ ඉශ්‍රායෙල් පුත්‍රයන් තමන් මධ්‍යයෙහි තිබෙන මාගේ මණ්ඩපය කිලුටුකොට තමුන්ගේ අපවිත්‍රකමෙන් නොනස්නා පිණිස නුඹලා ඔවුන්ගේ අපවිත්‍රකමෙන් ඔවුන් වෙන්කරන්න.
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්: නුඹේ සහෝදරවූ ආරොන් නොනස්නා පිණිස තිරය ඇතුළතින් ශුද්ධස්ථානයෙහි පෙට්ටිය පිට තිබෙන කරුණාසනය ඉදිරියට නිතරම ඇතුල් නොවන ලෙස ඔහුට කියන්න. මක්නිසාද මම කරුණාසනය මතුයේ වලාකුළෙහි පෙනෙන්නෙමි.
නුඹලා එකිනෙකා තමතමාගේ මවුටද පියාටද භයවිය යුතුය, මාගේ සබත් රක්ෂාකළ යුතුය. මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.
නුඹලා මාගේ සබත් රක්ෂාකළ යුතුය, මාගේ ශුද්ධස්ථානයට ගෞරව කළ යුතුය. මම ස්වාමීන්වහන්සේය.
මාගේ ගෘහය යාච්ඤා ගෘහයක්ය කියනු ලබන්නේයයි ලියා තිබේ. නුමුත් නුඹලා ඒක සොරුන්ගේ ගුහාවක් කරතියි ඔවුන්ට කීසේක.
දේවතා රූප සමඟ දෙවියන්වහන්සේගේ මාළිගාවට ඇති එකඟකම මොකද? මක්නිසාද අපි ජීවමාන දෙවියන්වහන්සේගේ මාළිගාවය; එසේම දෙවියන්වහන්සේ කථාකොට: මම ඔවුන් අතරේ වාසයකරන්නෙමි, හැසිරෙන්නෙමි; මම ඔවුන්ගේ දෙවියන්වහන්සේව සිටින්නෙමි, ඔව්හුද මාගේ සෙනඟව සිටින්නෝයයි කීසේක.
මක්නිසාද දෙවියන්වහන්සේගේ ගෘහයේ සිට විනිශ්චය පටන්ගන්ට කාලය පැමිණ තිබේ. එය පළමුකොට අප ළඟ සිට පටන්ගත්තොත්, දෙවියන්වහන්සේගේ ශුභාරංචියට කීකරු නොවන්නන්ගේ අන්තිමය කුමක් වන්නේද?